අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛරස නසන මාස්ක් හැදූ පේරාදෙණි පුත්තු

ලෝක මුහුණු ආවරණ නිෂ්පාදනයේ විප්ලවීය පියවරක් තැබූ අපේ විද්‍යාඥයන්ගේ කතාව

by editor
මාර්තු 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

• කොවිඩ් එනකොටම ආපු අදහසක් – මාස නවයක් කළ වැඩක්
• පේටන්ට් අයිතිය තිදෙනකුට… අලෙවිවන සෑම මුහුණු ආවරණයකින්ම රුපියල් 04ක් මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට
• සියයට 99ක ආරක්ෂාව දෙන මුහුණු ආවරණය සෝද සෝදා යළි ගත හැකියි

මුහුණු ආවරණය අද නීතියක් බවට පත් වී ඇත. හේතුව කොවිඩ් වසංගතයයි. කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීම මෙන්ම එයින් ආරක්ෂා වීමට අනුගමනය කළ යුතු මූලිකම පියවරවලින් එකක් ලෙස මෙය අද සලකන නිසාත් නීතියක් බවට පත්ව ඇති නිසාත් මේ වනවිට ලෝකය පුරා මුහුණු ආවරණ නිපදවීම විසල් කර්මාන්තයක් බවට පත්ව ඇත.

මේ මුහුණු ආවරණවල පවතින අඩුපාඩු සහ දුර්වලතා හඳුනාගෙන වෛරසය මට්ටු කිරීමේ ප්‍රබල ශක්තියක් බලගැන්වූ සුවිශේෂ මුහුණු ආවරණයක් නිපදවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ රසායන විද්‍යා අංශයේ පර්යේෂක කණ්ඩායම් සමත්ව ඇත. නැනෝ තාක්ෂණය සහ රසායන විද්‍යාවේ නවමු මං පාදා ගෙන මෙම මුහුණු ආවරණය නිර්මාණය කර තිබේ. එයට පේටන්ට් අනුමැතිය හිමිවීමෙන් පසුව මේ වනවිට වාණිජ මට්ටම දක්වා ගෙන යාමට ඔවුන් සාර්ථක වී ඇත.

මේ නව නිපැයුම් සිදු කරන පරීක්ෂණ කණ්ඩායමේ නායකයා පේරාදෙණිය විශ්ව විදයාලයයේ විද්‍යා පීඨයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ගාමිණී රාජපක්ෂය. ඔහු ලංකාසර සමග සංවාදයකට එක්වෙමින් රටට කියන කතාව මෙසේය.

වෙළෙඳපලේ මුහුණු ආවරණවල සැබෑ තත්වය

“ අපි මේ නව නිපැයුම කරන්න පෙලඹුණේ කොවිඩ් වසංතය අපේ රට ‍වෙලා ගන්නවත් එක්කමයි. ඒ වනවිට රටේ ජනතාව, පාසල් සිසුන්, කොවිඩ් අවදානම කරට ගෙන වැඩ කරන සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සාමාජිකයන් පළඳින විවිධ ආකාරයේ මුහුණු ආවරණ පිළිබඳව සලකලයි මේ පර්යේෂණ ව්‍යාපෘතිය ආරම්භ කළේ. සාමාන්‍යයෙන් දැනට අප භාවිත කරන මුහුණු ආවරණ වර්ග තුනක් තිබෙනවා. එකක් සාමාන්‍ය රෙදි මුහුණු අවරණ. එයින් ඇත්තටම කොවිඩ් වයිරසය ව්‍යාප්ත වූ පසුබිමක් තුළ ලැබෙන ආවරණය අවමයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“අනෙක් එක ශල්‍ය මුහුණු ආවරණ… එයින් කොවිඩ් වෛරසයෙන් සියයට 5ත් 40ත් අතර රැකවරණයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් කොවිඩ් වයිරසය අඩංගු බිඳිති නැනෝ මීටර 300 පරාසයේ පවතින බව කියවෙනවා. එවැනි විශාලත්වයකින් යුතු වෛරස අඩංගු බිඳිතිවලින් සියයට 5ත් 40ත් අතර ප්‍රමාණයකටයි ශල්‍ය මුහුණු ආවරණයෙන් රැකවරණය සැලසෙන්නේ.

අනෙක් මුහුණු ආවරණ වර්ගය තමයි N 95 වර්ගයේ මුහුණු ආවරණ. එයින් මෙම නැනෝ අංශුවලට සියයට 99ක රැකවරණයක් ලැබෙනවා. එහෙත් එයින්ද යම් ප්‍රශ්නයක් පැන නගිනවා.

ඔහු පවසන්නේ මෙම මුහුණු ආවරණය නිසි ලෙස සිර වන පරිදි මුහුණේ පැළඳ සිටියහොත් සැලකිය යුතු ආරක්ෂාවත් වෛරසයෙන් ලැබුණද එහි මතුපිට පෘෂ්ඨයේ දින 07ක් පමණ වෛරසයට නොනැසී පැවතීමේ හැකියාවක් තිබෙන බවය. එය සෞඛ්‍ය සේවකයන් වැනි නිතර මුහුණු ආවරණ පැළඳීමට සිදුවන අයට එක්තරා අවදානමක් ඇති කරන බවය. අනෙක මෙය කිහිප වරක් භාවිතයෙන් පසුව යළි සෝදා භාවිත කිරීමෙන් එහි අපේක්ෂිත ආරක්ෂාව ලැබෙන්නේ ද නැත.

මෙම තත්ත්වය පිළිබඳව සලකමින් නව මුහුණු ආවරණයක් ගැන සිතූ පේරාදෙණියේ පර්යේෂකයෝ තම රසායනික විදයා ඥානය මුහුණු ආවරණයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ආදේශ කළහ. පර්යේෂකයන් මුලින්ම කළේ වර්තමාන මුහුණු ආවරණ භාවිතයේ පවතින මෙම ගැටලු විසඳීමට පියවරක් සෙවීමය. ඔවුන්ට ලද පසුබමි දැනුම සහ ගුරුහරුකම් මත ඔවුන් මේ වැඩේට අතගැසූහ.

පර්යේෂණ කණ්ඩායම

පර්යේෂණ කණ්ඩායම හැදූ විශේෂ රෙද්ද

ඒ කණ්ඩායමේ මූලිකයන් තිදෙනෙකි. පේරාදෙණිය විශ්ව විද්‍යායයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ එහි මූලිකයාය. මෙරට රසායන විද්‍යා ක්ෂේත්‍රෙය් දශක ගණනාවක් තිස්සේ පර්යේෂණ ගණනාවක් සිදු කර ඇති ඔහු මුහුණු ආවරණ අවශ්‍යතාව ගැන අවදානය යොමු කරන්නේ කොවිඩ් වසංගතය මුල් බැස ගත් පසුගිය වසරේ අප්‍රියෙල් මාසයේදී පමණය.

වෛරස නැසීමේ හැකියාව සහිත මුහුණු ආවරණයක් ගැන අදහසක් ඔහුට තිබිණ. මේ අදහස ම දැරූ තවත් චරිතයක් වන්නේ නාවලපිටිය මූලික රෝහලේ විකිරණවේද විශේඥ වෛද්‍ය චමින්ද හේරත්ය. ඊට අමතරව මෙම කාර්යයට අත ගසන අනෙක් චරිතය දැනට ආචාර්ය උපාධිය සඳහා සූදනම් වන ගයාන් තිලකරත්නය. ඔවුන් එකතුව මේ කාර්යයට අත ගැසුවේ රටම ඇඳිරි නිතියෙන් වැසී අති මොහොතකය. ඔවුන් එතෙක් වෙළෙඳපොලේ පැවති මුහුණු ආවරණවල ප්‍රශ්න මෙන්ම ඒවායේ අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් පවතින ප්‍රශ්න මැනවින් අධ්‍යයනය කොට තම රසායන විද්‍යා දැනුම ද භාවිත කොට වයිරස වැනි විෂ බීජ පහසුවෙන් එහා මෙහා නොයන ආකාරයේ ස්වභාවයෙන් විශේෂ රෙදි පටල ත්‍රිත්වයක් නිර්මාණය කිරිමට කටයුතු කළහ.

මේ ගැන අදහස් දක්වන ගයාන් තිලකරත්න මෙසේ පවසයි

“ අපි මුලින්ම මේ සඳහා අවශ්‍ය මූලික ආකෘති නිර්මාණය කළා මෙහි වෛරසය මුව ආවරණයේ පටල හරහා ගමන් කිරීම වළක්වන සහ වෛරස නසන ආලේපනයන් වන්නේ ටයිටේනියම් ඩයොක්සයිඩ් සින්ක් ඔක්සයිඩ්, කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් ඔක්සයිඩ් ආලේපන. ඒවා නැනෝ සහ ක්ෂුද්‍ර ලෙස මෙම රෙදිවල විශේෂ තාක්ෂණයක් මඟින් තවරනවා. එයින් එක් අතකට නැනෝ මීටර 300ට වඩා කුඩා අංශු මෙම මුව ආවරණ පටල හරහා එහා මෙහා යාම වළකනවා. ජල වාෂ්ප මතුපිට ස්ථරයෙන් ඇතුළට ගමන් කිරීම නවත්වනවා සේම මැද පවතින ලෝහ සංයෝගවල නැනෝ සහ ක්ෂුද්‍ර අංශු අලේපිත පටලය මඟින් වෛරස විනාශ කරනවා. මේ සංකල්පය අප ප්‍රායෝගිකව ව අත්හදා බැලුවා. ඒ සඳහා අපට කුඩා යන්ත්‍ර ගණනාවක් නිර්මාණය කරන්න සිදුවුණා. එයින් අපට සාර්ථක ප්‍රතිඵල ලබන්න පුළුවන් වුණා. “ඔහු විස්තර කරයි.

වෛරසය නවත්වන ගමන් විනාශ කරන අපූරු මාස්ක් එක 

දැන් මෙම මුහුණු ආවරණය වයිරස ගමන් කිරීම නවතන අතර වෛරස විනාශ කිරීමද සිදු කරයි. ඊට අමතරව ගින්න ට ඔරොත්තු දෙයි. සාමාන්‍යයෙන් දැනට වෙළෙඳපොළේ පවතින මුහුණු ආවරණ ගිනි ගත්තොත් තත්පර කිහිපයක් තුළ සියල්ල දැවී යන ඒවා. නමුත් මෙම මුහුණු ආවරණ ගින්නට ඔරොත්තු දෙනවා. අනෙක් අපි සොයා බැලුවා. සාමාන්‍ය තත්තව යටතේ 25 වාරයක් පමණ සෝදා යළි යළි භාවිතයට ගත හැකියි. එය ආර්ථිකයටත් වාසිදායකයි. පරිසරයටත් හොඳයි.

වෙළෙඳ ඇමතිවරයා වෙත පිළිගන්වමින්

ඔවුන්ගේ මේ පර්යේෂණ ක්‍රියාදාමයට මාස නවයක පමණ කාලයක් ගත වී ඇත. එසේ වුද ඔවුන්ට අද ලෝකයේ කිසිදු නිෂ්පාදකයකුට ඉදිරිපත් කළ නොහැකි තරමේ අසම සම මුහුණු ආවරණයක් නිපදවීමට හැකියාව ලැබී ඇත. එය ජාත්‍යන්තර වෙළෙඳපොලටද පහසුවෙන්ම ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබෙනු ඇත.

මෙම අසම සම මුහුණු ආවරණයට මේ වනවිට පේට්න්ට් හිමිකාරීත්වයද ලැබී ඇති අතර වාණිජ වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා ඉසබෙලා සමාගම් සමූහය විශ්ව විද්‍යාලය සමඟ ගිවිසුමකට එලඹ ඇත. නිර්මාපකයන්ගේ අදහස වන්නේ අලෙවි කෙරන සෑම මුහුණු ආවරණයකින්ම රුපියල් හතරක් මහපොල ශිෂ්‍යත්ව අරමුදලටද ලබා දීමටය.


Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සම්පත් බැංකුවේ දෙවැනි විශාලතම කොටස් හිමියා – ප්‍රභාෂ් සුබසිංහ

Next Post

ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.