බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

by editor
මාර්තු 5, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

  • දේවානන්දා කෝපයෙන්…  ඉරණතිවු මත්ස්‍ය අපනයන ගම්මානය වැසෙන ලකුණු…

  • ආනන්ද සංගරි අකමැතියි… ටී.එන්.ඒ දැනටමත් ප්‍රබල විරෝධතාවයකට සැරසෙනවා… 

  • පළමු කොවිඩ් මරණය ඉරණතිව් ගෙනෙන මොහොත ගැන රටම අවදියෙන්….

 

කොරෝනා මළ සිරුරු  මිහිදන් කිරීම සම්බන්ධයෙන් වූ ක්‍රමවේදයන් සකස් වී හමාරය.

ඒ ක්‍රමවේදය පිළිබදව තවමත් ගැටලු විරෝධතා මතුව නැතත් කොරෝනා මළ සිරුරු මිහිදන් කරන භූමිය පිළිබඳවත් ප්‍රදේශය පිළිබඳවත් විශාල ගැටලුවක් හටගෙන තිබේ.

කොරෝනා මළ සිරුරු මිහිදන් කිරීමට තෝරා ගෙන ඇති කිළිනොච්චියේ ඉරණතීව් දූපත සම්බන්ධයෙන් විරෝධතා එමටය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පක්ෂ විපක්ෂ දේශපාලන විරෝධය

දූපතේ පදිංචිකරුවන් පමණක් නොව උතුරේ පක්ෂ විපක්ෂ සමස්ථ  දේශපාලන අධිකාරියද කොවිඩ් මළ සිරුරු ඉරණතිව් ගෙන ඒමට එරෙහි වී සිටිති. උතුරු පළාතෙන් බිහි වී රජය නියෝජනය  ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා පවා ඉරණතීව් දූපත තුළ කොරෝනා මරණ මිහිදන් කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කොට තිබේ.

ඉතාම මධ්‍යස්ථව රජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයාද ඉරණතීව් දූපතේ කොරෝනා මළ සිරුරු  මිහිදන් කිරීම පිළිබදව විරෝධය පල කොට ඇත. උතුරේ භූමියට බහිරවයන් මෙන් අරක් ගෙන සිටින දෙමළ ජාතික සන්ධානය ඇතුලු දෙමළ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් විරෝධය පල කරන බවක් අමුතුවෙන් කිවයුතු නොවේ.

ඉරණතිව් දූපත

Iranathiw
ඉරණතිව් දූපත

ඉරණතීව් දූපත පිහිටන්නේ කිළිනොච්චියේ සිට නාවික සැතපුම් 9 ක් පමණ දුරින් මන්නාරම් බොක්කට මායිම්වය. අනාදිමත් කාලයක සිට මෙහි ජනාවාස තිබූ අතර ඔවුන්ගේ ප්‍රධාන  ජීවනෝපාය මාර්ගය වන්නේ ධීවර  කර්මාන්තයයි.

යුද්ධයෙන් පසුව මේ දූපතට පවුල් 167 ක් පමණ පැමිණ ධීවර කර්මාන්තය යළි ආරම්භ කොට එදිනෙදා ජීවනෝපාය මාර්ගය පවත්වා ගෙන යන්නේ දහසක් දුෂ්කරතා මධ්‍යයේය.

ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා මෑතකදී මේ ඉරණතීව් දූපතේ වැසියන්ගෙන් පවුල් සීයක් තෝරාගෙන ඔවුන්ට මහ මුහුදෙන් අක්කරය බැගින් ලියා දුන්නේය. මහ මුහුද අක්කර වලින් බෙදා දීම සිදු කරන ලද්දේ විදේශීය සමාගමක් විසින් මේ දූපතේ මුහුදු කූඩැල්ලන් හා මුහුදු ආහාර අපනයනය කිරීම සඳහා අපනයන ගම්මානයක් පිහිටුවීම නිසාය.

වැසෙන්නට යන  අපනයන ගම්මානය

ඩග්ලස් දේවානන්ද   ඉරණතීව් දූපතේ කොරෝනා මරණ මිහිදන් කිරීම කෙරෙහි විරුද්ධ වන්නේ ධීවර ප්‍රජාවගේ යහපත ගැන සිතමිනි. මසකට ඇමරිකානු ඩොලර් 25000 ත් 30000 ත් අතර ආදායමක් මේ අපනයන ගම්මානයෙන් ලබා ගැනීමට අපේක්ෂා කළත් කොරෝනා මරණ මිහිදන් කරන සොහොන් බිම මේ දූපතේ පිහිටුවනු ලැබුවහොත් සාලයන් කිලෝවක්වත් අලෙවි කිරීමට නොහැකි වන බව අමාත්‍යවරයාගේ මතයයි.

Daglus-Dewananda
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා

ඈත ඉතිහාසය දෙස හා මෑත ඉතිහාසය  දෙස බලන විට එය සත්‍යයකි. සුනාමී කාලයේදී පරා තලපත් වැනි මිල අධික මාලු කිලෝවක් පවා රුපියල් පනහකට පහත වැටුනේය.මිනිසුන් මුහුදු මාලු අනුභව කිරීම නතර කොට දැමීය. කොරෝනා වසංගතය පැමිණි පසුව  විෂය භාර අමාත්‍යවරයෙකුට මුහුදු මාලු අමුවෙන් කා පෙන්වීමට සිදු වුයේද කොරෝනා වෛරසය ජලය ඔස්සේ ව්‍යාප්ත වන බවට වූ  මතය නිසාවෙනි.

ඒ අනුව බලන විට ඉරණතීව් දූපතේ රන් ආලේප කළ මසුන් ඇතැයි කීවද ඒවා මිලදී ගැනීමට කිසිවෙකු නොපැමිණෙන බවත් විදේශීය සමාගම අපනයන ගම්මානය හකුලාගෙන යෑමක් සිදුවන බවත් ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයාගේ මතය හා අදහසයි.

ටී.එන්.ඒ විරෝධය

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසන්නේ රජය දෙමළ හා මුස්ලිම් ජනතාව අතර දැනට පවතින සහජීවනය විනාශ කිරීම සදහා යටි කූට්ටු වැඩ පිළිවෙළක් ලෙස මේ කොරෝනා මළ සිරුරු ඉරණතිව් දූපතේ මිහිදන් කිරීමට තීරණයක් ගෙන ඇති බවයි.

මෑතක සිට මේ රටේ දෙමළ භාෂාව කතා කරණ ජන කොට්ඨාසයක් වශයෙන් මුස්ලිම් ජනතාව දෙමළ ජනතාව හා ඒ දේශපාලනය සමග සිටි බව සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ අදහසයි. දෙමළ දේශපාලන පක්ෂ පොතුවිල් සිට පේදුරුතුඩුව දක්වා විරෝධතා රැළියක් සංවිධානය කළ අවස්ථාවේදී මුස්ලිම් වැසියන් ඊට සහය දුන් බව ඔහු පෙන්වා දෙයි.

කොරෝනා මළ සිරුරු ආදාහනය කිරීමට  එරෙහිව මුස්ලිම් වැසියෝ  උතුරු නැගෙනහිර පළාත් වලදී දියත් කළ විරෝධතා සදහා දෙමළ දේශපාලනඥයෝ මෙන්ම දෙමළ ජනතාවද සහය දීම නිසා ජාතික මට්ටමේ ප්‍රශ්න වලදී මුස්ලිම් හා දෙමළ කොටස් ඉතා සහජීවනයෙන් ජීවත් වූ බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය.

කොරෝනා මළ සිරුරු මිහිදන් කිරීමේදි වැඩි වශයෙන්ම මිහිදන් කෙරෙන්නේ මුස්ලිම් වැසියන්ගේ මළ සිරුරු බවත් ඒවා දෙමළ වැසියන් සිටින පළාතකට රැගෙන ගොස් මිහිදන් කිරීමේදී දෙමළ වැසියන් ඊට එරෙහිවීම අනිවාර්ය ලක්ෂණයක් නිසා රජය මේ අවස්ථාවේදී එම පටු ජාතිවාදය මළ සිරුරු හරහා අපේක්ෂා කරණ බවද ඔහු කියා සිටියි.

දෙමළ වැසියන්ව හා මුස්ලිම් වැසියන්ව එකිනෙකා උතුරු පළාතේදී කා කොටා වැටෙන්නට සලස්වා  රජය ඉන් දේශපාලන වාසී ලබා ගැනීමට බලාපොරොත්තු  වන බවට චෝදනා කරණ මන්ත්‍රීවරයා  ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී මුස්ලිම් රටවල සහය ලබා ගැනීමට රජය අනුගමනය කොට ඇත්තේ ඉතා ම්ලේච්ඡ හා තුච්ච ක්‍රියාවලියක් බවද සදහන් කොට සිටියේය.

කුරාණ දූපත

කොරෝනා මරණ මිහිදන් කිරීම පිළිබදව අතුරු අවශ්‍යතාවයක් පැන නැගුණේ මේ රටේ හා ජාත්‍යන්තරයේ මුස්ලිම් ප්‍රජාවගේ බලපෑම මතය. ඔවුන් මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පල කිරීම නිසා රජය මේ තීරණයට පැමිණියේය.

මුස්ලිම් වැසියන් නිසා මේ තීරණයට රජය එළඹීමෙන් ඉරණතිව් වැසියෝ කලබල වූහ.  ඔවුන් තම විරෝධතාවයේදී කියා සිටියේ ඉරණතීව් දූපත කුරාණ දූපත වී ඇති බවයි.

මළ සිරුරු වළ දැමීමට කැපූ වළවල් වසන මිනිස්සු

මේ රටේ දෙමළ ජනතාව අහිංසක ජනතාවක් නිසා  බලහත්කාරයෙන් සෑම කුණු ගොඩක්ම ඔවුන් දෙසට තල්ලු නොකරණ ලෙසද ඉරණතීව් වැසියෝ  විරෝධතාවයේදී රජයෙන් ඉල්ලා සිටියහ. ඔවුන් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ වන විට මානව හිමිකම් කොමිසම වෙතද ගොස් තිබේ.

රජයේ නොවෙනස් තීරණය –

මේ සියලු විරෝධතා මැද රජය ගත් තීරණය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරණ බවක් පෙනෙන්නට තිබේ.අදාල චක්‍ර ලේඛය නිකුත් වීමටත් පෙර  මළ සිරුරු මිහිදන් කිරීමට  ඉරණතීව් දූපතේ වළවල් කපා තිබුණි.විරෝධතාවයට සහභාගී වූ පිරිස හා දූපත් වාසීන් ඒවා වසා දැම්මේය.

ඒ කුමක් සිදුවූවත් රජය නිහඬව ඔවුන්ගේ තීරණය ක්‍රියාත්මක කරණ බවක් පෙනීයයි.රජයට දරදිය අදින ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා මේ ගැන ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට දැණුම් දුන් අවස්ථාවේදී ඔවුන්ගේ පිළිතුර වී ඇත්තේ එම තීරණය වෙනස් කිරීමට නම් මේ සඳහා ගත හැකි වෙනත් විකල්ප ක්‍රියා මාර්ග ඉදිරිපත් කරන ලෙසය. දැඩි කෝපයෙන් දුරකතනය ආපසු තැබූ අමාත්‍යවරයා පැවසුවේ ”මේවා වළදමන්න රටේ වෙන තැනක් නැද්දැයි” යන්න ඔහුටම කියා ගනිමිනි.

පල්ලිය සමග පෙළ ගැසෙන ජනතා බලය

උතුරේ දෙමළ දේශපාලනය නිතරම උත්සාහ කරන්නේ රජයට එරෙහිව විරෝධතාවයන් පැවැත්වීමටය. මුලතිව් කුරුදුමලේ පුරා විද්‍යා කැණීම්වලට එරෙහිව ඔවුන් පසුගිය දිනවල  රටපුරා විරෝධතාවයක් දක්වන ලද්දේ අධිකරණ නියෝග වලටද පටහැනිවය. අධිකරණ නියෝග තුට්ටුවකට හෝ මායිම් නොකර ඒ කාරණය වෙනුවෙන් විරෝධය දැක් වූ පිරිස ඉරණතීව් දූපතේ කොරෝනා මරණ මිහිදන් කිරීම කෙරෙහිව කෙසේ නම් විරෝධය පල කරනු  ඇතිද යන්න විශාල ප්‍රශ්නයකි.

මේ අනුව අපට පෙනී යන්නේ ඉදිරිකාලයේ දී උතුර පුරා යළිත් වරක් හර්තාල් උද්ඝෝෂණ විරෝධතා  පිරී යන බවකි. ඒ විරෝධතා කුමන මට්ටමකින් අවසන් වේ දැයි යන්න සිතා ගැනීමට හැකි වන්නේ කොරෝනා රෝගයෙන් මියගිය පළමු මරණය මිහිදන් කිරීම සදහා ඉරණතීව් දූපත වෙත රැගෙන ඒමෙන් පසුවය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛරස නසන මාස්ක් හැදූ පේරාදෙණි පුත්තු

Next Post

ඊළඟ ජනාධිපතිවරණයට සුළු ජාතික ඡන්ද දිනා ගන්න දැන්ම වැඩ කරන්න

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.