සිංහල කාන්තාවන්ගේ පැලෝපීය නාලය මිරිකා වඳ කළ බවට ආන්දෝලනාත්මක චෝදනාවට ලක් වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය එස්.එස්.එම් සාෆි වෙත සියලු හිඟ වැටුප් සහිතව වැටුප් ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාශ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ විසින් ලිඛිතව දන්වා තිබේ.
එමෙන්ම නීති විරෝධි ලෙස ඔහුගේ වැටුප අත්හිටවූ හේතුව වහාම දන්වා එවන ලෙස ද ලේකම්වරයා නියෝග කර ඇත.
වෛද්‍යවරයා වර්ෂ 2019.05.24 සිට අනිවාර්ය නිවාඩු යවා තිබුණේ වැටුප් ගෙවීම් රහිතවය.
අනිවාර්ය නිවාඩු යැවූ නිලධාරියෙක් සම්බන්ධව ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධව ආයතන සංග්‍රහයේ පැහැදිලිව දන්වා තිබියදීත් අදාළ වැටුප් නොගෙවීම් සම්බන්ධව හේතුව වහාම දන්වන ලෙසද සෞඛ්‍ය ලේකම්වරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇත.