නතාෂා නෙත්මිණි –
කොවිඩ් රෝගයට ගොදුරු වීම හේතුවෙන් එක් වෛද්‍යවරයෙකු මිය ගොස් ඇති අතර තවත් වෛද්‍යවරුන් 50ට අධික පිරිසක් මේ වන විට ආසාදිතයින් බවට පත්ව ප්‍රතිකාර මධ්‍යස්ථානවල රදවා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.
කොවිඩ් වෛරසය ආසාදනය විම හේතුවෙන් මෙසේ අද (2) දිනයේදී මියගොස් ඇත්තේ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු අවුරුදු 34ක වයසැති වෛද්‍යවරයෙකු යැයිද හෙතෙම පැවසීය.
කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් දැඩි ලෙස රෝගාතූර වී නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර කෘතීම ශ්වසන යන්ත්‍රයක් ආධාරයෙන් ශ්වනසන ලබා දුන්නද ඔහුට ශ්වසනය සඳහා විශේෂිත වූ ශ්වසන යන්ත්‍රයක අවශ්‍යතාව පැන නැගුණ අතර එම යන්ත්‍රය ඇත්තේ කරාපිටිය රෝහලේ පමණක් බැවින් රෝගී වෛද්‍යවරයාව කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේ යැයි වෛද්‍ය අලුත්ගේ සඳහන් කළේය.







