සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍යවරුන්ගේ දූෂණ හෙළි කිරීම අපරාධයක් ලු… චාවකච්චේරි රෝහලේ වෛද්‍ය අධිකාරී අත් අඩංගුවට ගන්නා ලෙස කියමින් උතුරේ වෛද්‍යවරු වර්ජනයක් අරඹති!

by editor
ජූලි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

  • චාවකච්චේරිය රෝහල වැසෙයි… වෛද්‍ය අධිකාරීවරයා අත් අංගුවට ගැනීමට පොලිසිය පැමිණෙයි… මිනිස්සු චාවකච්චේරිය රෝහල වටලාගෙන වෛද්‍ය අධිකාරීවරයා ආරක්ෂා කරති…

  • තමන්ට පෙර තමන්ට පහර දුන් මැර දොස්තරලා අත් අඩංගුවට ගන්නැයි වෛද්‍ය අධිකාරීවරයා ඉල්ලයි…

  • වෛද්‍ය අධිකාරීවරයාට සහාය පල කරමින් වාචවච්චේරියේ වෙළෙඳ සංගමය කඩ වසා හර්තාලයක් අරඹයි… පාරවල් පුරා උද්ඝෝෂණ..

අද (08) උතුරු පළාතේ සියලුම වෛද්‍යවරුන් එක් දින වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කොට තිබේ.

අද ( 8 ) පෙරවරු 8 සිට හෙට ( 9 ) පෙරවරු 8 දක්වා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවත් මේ කාලය ඇතුළත ඉතා හදිසි හා අත්‍යවශ්‍ය සේවා පමණක් සිදු කෙරෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උතුරු පළාත් නියෝජිතයා ප්‍රකාශ කරයි.

යාපනයේ චාවාකච්චේරී රෝහලට අලුතෙන් පත් කරණ ලද වෛද්‍ය අධිකාරීවරයාගේ ප්‍රකාශයන් නිසා දැනට සේවයේ නිරත උතුරේ වෛද්‍යවරුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් වී ඇති බව කියන එම සංගමය ඔහුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසද ඉල්ලා සිටියි.

මෙම වෛද්‍ය අධිකාරීවරයා පත් වී චාවකච්චේරීය රෝහලට පැමිණ උතුරේ සෞඛ්‍ය බලධාරින් රෝගීන්ට ලැබිය යුතු දේ හොරා කමින් විවිධ දූෂණ හා අක්‍රමිකතා සිදු කරමින් සිටින ආකාරය පිළිබදව වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදා හැරීමත් සමගම ඊට උරණ වූ යාපනයේ වෛද්‍යවරුන් පිරිසක් චාවාකච්චේරී රෝහලට පැමිණ වෛද්‍යවරයාගේ දුරකතනය පැහැර ගැනීමට තැත් කොට ඔහුට පහර දී තිබේ.

රාමනාදන් අර්ජුනා චාවාකච්චේරී රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා අත් අඩංගුවට ගැනීම සදහා මේ වන විට වරෙන්තුවක් නිකුත් කොට ඇති අතර රෝහල අසලට පැමිණ සිටින අති විශාල ජනකායක් නිසා වෛද්‍යවරයාව අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.

මේ වන විට චාවාකච්චේරී රෝහල වසා දමා ඇති අතර වෛද්‍ය අධිකාරීවරයා පමණක් රෝහල තුළ සිටිමින් රාජකාරී කරගෙන යයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රාමනාදන් අර්ජුනා

රාමනාදන් අර්ජුනා වෛද්‍යවරයා ප්‍රකාශ කරන්නේ තමන් ප්‍රකාශ කලේ සත්‍ය පමණක් මිස වෙනත් අය අපහසුතාවයකට පත්වන අන්දමේ ප්‍රකාශ නොවන බවය.
තමන් අත් අඩංගුවට ගැනීමට පෙර තමන්ට පහර දුන් වෛද්‍යවරු අත් අඩංගුවට ගත යුතුව ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මේ වන විටත් චාවාකච්චේරී රෝහල අසල හා ඉදිරිපිට විශාල පිරිසක් වෛද්‍ය අධිකාරීවරයාගේ සහයට රැදී සිටින අතර අච ( 8 ) චාවාකච්චේරී නගරය පුරා පෙළපාළි යමින් සියලුම වෙළද සැල් වසා දමා හර්තාලයක් දියත් කිරීමට උතුරේ ස්වේච්ඡා සංවිධාන 32 ක් පියවර ගෙන තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බිත්තරවලට වැට් ගැහුවොත් කර්මාන්තය නැත්තට නැති වෙනවා… එතකොට බද්ද කොහොමත් නෑ…. බිත්තර නිශ්පාදකයෝ කියති

Next Post

අතුරුගිරියේ උත්සවයක වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත මිය යයි… කේ.සුජීවා ඇතුළු 03කට වෙඩි වදී…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.