අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට කඩා වැදුන තුවක්කු කරුවන් දෙදෙනෙක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවා ඇතුළු හතර දෙනෙක් තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ පිරිස අතර සිටි සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මිය ගොස් තිබේ.
ක්ලබ් වසන්ත යනු ඉහළ දේශපාලන සම්බන්ධතා සහිත පුද්ගලයෙක් බව කියැවේ. කාර් රථයකින් උත්සව අවස්ථාව වෙත පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් ටි 56 ගිනි අවිවලින් සිදුකළ වෙඩි තබා මෙම අපරාධය සිදුකර තිබේ.
තුවක්කු කරුවන් පළාගොස් ඇත. පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







