බෞද්ධයින්ගේ මහා ආගමික මංගල්‍යයවන බුදුන් වහන්සේගේ තෙමගුල සිහිකිරීමේ අති උත්කර්ෂවත් වෙසක් උත්සවය අදට යෙදෙන වෙසක් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වේ.
වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා විවිධ ආගමික උත්සවයන් තොරණ, පහන් කූඩු සහ දන්සැල් අද සිට පැැවත්වීමට නියමිතව ඇත.
මෙවර වෙසක් උළෙල සැමරීමේ අභිලාෂයෙන් දන්සැල් 8,742කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ මහනගර සභාව ආශ්‍රිතව බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
දන්සැල් ලබාදීමේ දී පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට කටයුතු කරන ලෙස ද උපුල් රෝහණ මහතා දන්සැල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
තොරණ සහ පහන්කූඩුු දිවයින පුරාම බොහෝ ප්‍රදේශවල ප්‍රදර්ශනය කිරීමට නියමිතය.









