හිරාන් ප්‍රියංකර ජයසිංහ –
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තරග වැදීම සඳහා සැකසු අපෙක්ෂක නාම යෝජනා පත්‍රය සිරිකොත පක්ෂ මුලස්ථානයේ තාප්පයක් උඩ අමතක වී පැමිනීමෙන් අදාල නාම යෝජනා භාර දීමට හැකි වි නැති බවත්, ඒ හේතුවෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට මෙවර පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් තරග නොවදින බවත් එකසත් ජාතික පක්ෂය පවසයි.
නාම යෝජනා භාර ගැනීම අවසන් වු 21 දිනයේ මෙම නාම යෝජනාව භාර දීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලට වෙන්නප්පුව ආසන සංවිධායක සරත් බරන්පොල පැමිණි විට එය එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයෙ අමතක වී ඇතැයි දැනගෙන ඇත.
කෙසේ වෙතත් මෙම නාම යෝජනා අමතක වී තිබිම ගැන එම දිස්ත්‍රික් ලේකම් කාර්යාල අසල රැඳී සිටි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තරග වැදිමට සුදානමින් සිටි එජාප අපෙක්ෂකයින් පිරිසක් සරත් බරන්පොලට බැන වදිමින් උණුසුම් තත්වයක් ඇතිවිය.
දැන ගැනිමට හැකිවුයේ මෙම නාම යෝජනා පත්‍රය සිරිකොත පක්ෂ මුලස්ථානයෙන් එළියට රැගෙන ආ නමුත් එහි තාප්පයක් මත තබා කිසියම් කටයුත්තක නිරත වී ඇති බවත් පසුව එය නැවත ගැනිමට අමතක වී ඇති බවත්ය.
කෙසේ වෙතත් මේ පිළිබදව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බංඩාර ට අවස්ථා කිපයක් ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්තද එය ක්‍රියාත්මක නොවිම හේතුවෙන් අදාල පිළිතුර ලබා ගැනිමට නොහැකි වූ බව ලංකාදීප වාර්තා කරයි.







