අද උදෑසන 07.40 ට පමණට පමණ වැලිගම පොල්වත්ත දුම්රිය හරස් මාර්ගයේ දි අලෝක සංඥා නොතකා දුම්රිය මාර්ගයට ඇතුළු කළ ත්‍රී රෝද රථයක් මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ ගාලු කුමාරී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තවත් අයෙක් බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ අධිකාරිවිලගම, කිරිමැටිමුල්ල, තෙලිජ්ජවිල පදිංචි ගොඩේ විතානගේ ධම්මික දේශප්‍රිය (38) නැමැති ත්‍රී රෝද රථයේ රියදුරුය.
බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත්කර ඇත්තේ අධිකාරිවිලගම පදංචි ක්‍රිෂාන් මධුසංඛ ප්‍රනාන්දු නැමැති 22 හැවිරිදි තරුණයෙකි.
සිද්ධිය පිළිබඳ වැලිගම පොලිසිය පරික්ෂණ පවත්වයි.







