බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙනස් දේශයක් ඉල්ලමින් බුර බුරා නැගෙන නේපාලයේ අරගලය… හිටපු අගමැති බිරිය පණ පිටින් පිලිස්සී මිය යයි… අරගලකරුවෝ 19ක් මිය යති…

by editor
සැප්තැම්බර් 9, 2025
in පුවත්
nepal
Share on FacebookShare on Twitter

නේපාලය ඇවිලී තිබේ. එය  සිහිකරන්නේ අරගලයේ අත්දැකීමය. නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලිට අද ඉල්ලා අස්විය. ඔහුට ඉල්ලා අස්වීමට මතු වූ කැරැල්ල  විසින් බල කර තිබිනි.  

කැරැල්ලේ නායකත්වය ගන්නේ තරුණයින්ය.  කැරැල්ල මතුවන්නේ  රජය සමාජ මාධ්‍ය වේදිකා තහනම් කිරීමෙන් පසුව   නමුත්, දූෂණය, ඥාති සංග්‍රහය සහ ආර්ථික දරිද්‍රතාවයට එරෙහි පුළුල් ව්‍යාපාරයක් දක්වා එම විරෝධතා රැල්ල වේගයෙන් වර්ධනය විය.

විරෝධතාව ආරම්භ වී වැඩුන ආකාරය

2025 සැප්තැම්බර් 8 වන දින, රජය ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, යූ ටියුබ් සහ එක්ස් (ට්විටර්) වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකා තහනම් කළේය. මෙම සමාගම් දේශීයව ලියාපදිංචි වී නොමැති බවත් ව්‍යාජ ගිණුම් සහ හානිකර අන්තර්ගතයන් පතුරුවා හරින බැවත් එබැවින් මෙම සමාජ මාධ්‍ය වේදිකා තහනම රටට අවශ්‍ය බවත් නේපාල රජය පැවසුවේය.

ඉසෙඩ් පරම්පරාවේ බොහෝ තරුණ නේපාල ජාතිකයෝ  මෙම තහනම නිදහස් භාෂණයට එල්ල වූ ප්‍රහාරයක් ලෙස දුටහ. රජයේ තීරණයට එරෙහිව දහස් ගණනක් සිසුහු වීදි බැස ගියහ. අද ( 9 ) වන විට, විරෝධතා කෝලාහල දක්වා වර්ධනය වූයේය.  එහි ප්‍රතිඵල ලෙස විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ගැටුම් ඇති විය. ඉන් අනතුරුව පැමිණියේ මරණ සහ විනාශය ය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

විරෝධතා මාරාන්තික විය. එම විරෝධතා අතර අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගියහ. නිල වාර්තා අනුව තුවාල ලැබූ සංඛ්‍යාව 100 කට අධික වුවද, නිල නොවන වාර්තා අනුව  පෙනී යන්නේ තුවාල ලැබූ සංඛ්‍යාව 300 කට අධික බවය.

හිටපු අගමැති බිරිය පණපිටින් දැවී මිය යයි…

මරණ සමග විරෝධතාවල ප්‍රචණ්ඩත්වය තවත් තීව්‍ර වූයේය. විරෝධතා කරුවෝ රජයේ ලේකම් කාර්යාලය,  පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අයත් ගොඩනැගිලි  ඇතුළු රජයේ ගොඩනැගිලි ගිනිබත් කළහ. අගමැතිවරයාගේ  ඇතුළු ඉහළ පෙළේ දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ නිවාසවලට ද විරෝධතාකරුවෝ  පහර දුන්හ.

වාර්තාවුන බිහිසුණුම සිද්ධියක්  පිළිබඳව ලෝකයම කම්පා වුනේය.    නේපාලයේ හිටපු අගමැති ජාලනාත් ඛනාල්  කළ නිවස අරගල කරුවෝ ගිනිබත් කළහ. එම ගින්නට මැදිවී හිටපු අගමැති ආර්යාවක වූ රාජ්‍යලක්ෂ්මි චිත්‍රකර් පණ පිටින්ම ඇගේ නිවස තුළ දැවී අළු වුනාය.

 

විරෝධතා පාලනය සඳහා නේපාල රජය   ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළේය. එය දැඩිව ක්‍රියාත්මක කරවන බවට සහතික වුනේය. රට තුළ සාමය ස්ථාපිත කිරීම සඳහා   කත්මණ්ඩු අගනුවරට හමුදා ආරක්ෂාව යොදවනු ලැබීය.

නේපාල  ජනතාව කෝපයට පත් වන්නේ ඇයි

සමාජ මාධ්‍ය තහනම ගිනි පුපුරක් වුවද මේ අරගලයට  මූලික වූ  හේතු වඩාත් ගැඹුරට දිව යයි. ශ්‍රී ලංකාව තුළ කළින් පැවති රජයට එල්ල වූවාක් සේම නේපාල රජයට ප්‍රබල දූෂණ චෝදනා එල්ල වී තිබිණි.  බලය අනිසි ලෙස හැසිරවීම සහ මහජන මුදල් අවභාවිතාව  පිළිබඳ    රජය පිළිබඳ ජනතාව සිටියේ පිළිකුල් සහගත හැඟීමෙනි .

එමෙන්ම ඥාති සංග්‍රහය සම්බන්ධව කුප්‍රකට අත්දැකීම් ජනතාවට තිබිණි. දේශපාලන බලය සහිත බලවත් පවුල් රටේ රැකියා අවස්ථා ලබා දීමේ සිට සම්පත් පරිහරණය දක්වා තීන්දු ගත්හ.  මේ හැසිරීම ඔවුන් ප්‍රකට කරන්නේ නේපාල තරුණ ජන කොටසට සාධාරණ රැකියා අවස්ථා ලබා ගැනීමේ මං ඇහිරී විරැකියාවෙන් මිරිකෙමින් සිටියදී ය.

එමෙන්ම බොහෝ තරුණයින් සාම්ප්‍රදායික දේශපාලනඥයන් විසින් නොසලකා හරිනු ලැබ තිබිණි. සමාජ මාධ්‍ය වාරණය විසින් දල්වා තිබුණේ කලකිරීම් බිඳවැටීම් සහ අන්ත දූෂණය සම්බන්ධව අභ්‍යන්තරයෙන් දැවෙමින් සිටි නේපාල සමාජය අවුලුවන ගිනි පුළිඟුවය.

කැරැල්ලේ නායකයා

මෙම විරෝධතා ව්‍යාපාරයේ නායකත්වය ගෙන ඇත්තේ  36 හැවිරිදි  සමාජ ක්‍රියාකාරිකයෙකු වන සුඩාන් ගුරුන්ග් ය. ගුරුන්ග් යනු තරුණයින් විසින් මෙහෙයවනු ලබන රාජ්‍ය නොවන සංවිධානයක් වන “හාමි නේපාල්” හි  සභාපතිවරයා ය.

Gurung
සුඩාන් ගුරුන්ග්

ඔහු කළෙක DJ සහ උත්සව සංවිධායකයෙකු වූ නමුත් 2015 භූමිකම්පාවෙන් පසු ඔහුගේ ජීවිතය වෙනස් වූයේය. ඔහුට මිතුරන් අහිමි විය. ගුරුන්  දිවි ගලවා ගත් අය බේරා ගැනීමේ මෙහෙයුමට දායක වීමත් සමග ගුරුන් ගේ චින්තනය සහ ආකල්ප වෙනස් වී තිබිණි.

ව්‍යසනය අතරතුර ස්වේච්ඡා සේවකයින් 200 ක් බලමුලු ගැන්වීමට ඔහු සමාජ මාධ්‍ය භාවිතා කළේ.ය.   එය ඔහුව සිවිල් ක්‍රියාකාරකම් වලට යොමු කළේය.

ඔහුගේ සංවිධානය පසුව COVID-19 වසංගතය අතරතුර ක්‍රියාකාරීව කටයුතු කළේය. අන්තර්ජාතික වශයෙන් ආපදාවලට ලක්වූ ජාතීන් වෙත ද උපකාර කිරීමට මේ තරුණයෝ කැපවූහ. තුර්කියේ භූමිකම්පාවෙන් පසු තුර්කියට සහන ආධාර යැවීමට ගුරුන්ගේ කණ්ඩායම කටයුතු කර තිබිණි.

ලංකාව තුළ සිදුවූවාක් සේම විරෝධතා ගොනු වන්නේ අතිශය කලාත්මක සහ ආකාරශණීය ආකාරයෙනි.   බොහෝ දෙනෙකු සුඩාන් ගුරුන්ග්   ගේ  නව ආකාරයේ නායකත්වයට ආකර්ශනය විය.  එය තිබුණේ දේශපාලන පක්ෂවලින් පිටතය. මේ රැල්ල මතුවන්නේ  සිවිල් ක්‍රියාකාරකම්වල සාධනීය ලක්ෂණ මුල් බැසගත් පදනමක් මතය. ඒ නව සංවාදයට සාමාන්‍ය ජනතාව ආකර්ශනය කළා මතු නොව එය දැඩිව  විශ්වාස කළේය.

අගමැති ධුරයෙන් ඉවත් වීම

රට පුරා කෝපය ඇවිලෙමින් තිබිණි. ඒ ඇවිලීම ගිනිගත් රාජ්‍ය ගොඩනැගිලි සහ දේශපාලකයින්ගේ නිවෙස්වලින් දර්ශනය විය.  බිඳ වැටෙන රජය යළි සවිමත්කර ගැනීම බරපතල ගැටලුවක් වී තිබිණි. ඒ තත්ත්වය තුළ නේපාල අගමැති   අගමැති කේ.පී. ෂර්මා ඔලි අද (09) ඉල්ලා අස්වීම නිවේදනය කළේය.

අගමැති  ඔලි පැවසුවේ “සාමය සහ ස්ථාවරත්වයට ඉඩ දීම සඳහා” තමා ඉල්ලා අස්වන නමුත් නව නායකයෙකු තෝරා ගන්නා තෙක් භාරකාර රජයක ප්‍රධානියා ලෙස දිගටම කටයුතු කරන බවය.

K.P. Sharma Oli
කේ.පී. ෂර්මා ඔලි

ඉදිරි මාවත

නේපාලය දැන් මුහුණ දී ඇත්තේ  අවිනිශ්චිත කාල පරිච්ඡේදයකටය. ඉල්ලා අස්වූ අගමැති කේ.පී ෂර්මා ඔලි වෙනුවට ආදේශ කරන්නේ කවුද?. සමාජ මාධ්‍ය තහනම ස්ථිරවම ඉවත් කෙරේද? රජයට නේපාල තරුණ ජනගහනයේ විශ්වාසය නැවත ලබා ගත හැකිද?

නේපාලයේ   විරෝධතා රටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්ව ඇති බව පැහැදිලිය. සුඩාන් ගුරුන්ග් නව දේශපාලන වෙනසේ සංකේතය ලෙස මතුවීමත් සමඟ, තරුණයෝ නව නේපාලයක් ඉල්ලා සිටිති.  එය ඔවුන්ගේ හඬට සවන් දෙන නව දේශපාලන ප්‍රතිසංස්කරණක ප්‍රවේශය ඉල්ලා සිටින්නකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැදපෙරදිග කළඹා ඊශ්‍රයාලය කටාර් අගනුවර දොහා හි හමාස් දේශපාලන නායකයින් සිටි ගොඩනැගිල්ලකට පහර දෙයි….

Next Post

15කට මරු කැඳවූ ඇල්ල අනතුර සිදුවුනේ නිසි ලෙස නඩත්තු නොකළ බස් රථයේ තිරිංග අක්‍රීය වීම නිසා… විද්වත් කමිටුව හෙළි කරයි….

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.