සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙඩි තියන්න ලබාදුන් නියෝගය සද්භාවයෙන් නීත්‍යානුකූලව ලබාදුන්න නියෝගයක්! –SSP කීර්තිරත්න අධිකරණය ඉදිරියේ කියයි!

රඹුක්න ඝාතනයට අණ දුන් SSP කීර්තිරත්න ගේ සාක්ෂිය...

by editor
අප්‍රේල් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විරෝධතා කරුවන්ට වෙඩි තැබීමට තමන් ලබාදුන් නියෝගය සද් භාවයෙන් නීත්‍යානුකූලව ලබා දුන් නියෝගයක් බව විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට නියෝග දුන් කෑගල්ල කොට්ඨාසය භාර  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කිර්තිරත්න අද (22) අධිකරණය ඉදිරියේ  පැවසුවේය.

පැවති තත්ත්වය උඩ තමන් සහ තම නිලධාරීන් සිටියේත් මරණ බයෙන් බව කී සහකාර පොලිස් අධිකාරීවරයා තෙල්  බවුසර දෙකට සහ පිරවුම්හලට තැබු ගින්න ව්‍යාප්ත වුනා නම් විශාල ජීවිත හා දේපල හානියක් සිදුවෙන්නට ඉඩ තිබුණු බව ද කීවේය.

රඹුක්කන විරෝධතාවය අතරතුර පුද්ගල ඝාතන සිද්ධියට අදාල නඩුව තෙවැනි දිනටත් කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී  අධිකරණය ඉදිරියට කැඳවූ    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මෙසේ ද පැවසීය.

“9.30 ට විතරපොලිස්පති තුමා මට කෝල් කරලා ඇහුවා රඹුක්කන මොකද වෙන්නෙ කියලා. මම කිව්වා කැරළිකරුවන්  පෙට්‍රල් ඩීසල් ඉල්ලලා දැඩි විරෝධයක නිරත වෙනවා. කොහොම හරි තෙල් එවන්න කියලා.  අනතතුරුව මගෙ මැදිහත්වීම මත 11.30ට පමණ ඉන්ධන බවුසර දෙකක් ගෙන්වා  ගත්තා. “

“බවුසර් ආවට පස්සේ කැරලිකරුවන් බවුසර් උඩ නැගලා පැරණි මිලට ඉන්ධන දෙන්න කියලා ඉල්ලුවා. පැරණි මිලට තෙල් දෙනකම් බවුසර් නිදහස් කරන්නෙ නෑ කියලා කැරළිකරුවන් කිව්වා. ඒ වොලාවෙ කෑගල්ලෙ තවත් විරෝධතා පැවති නිසා මට එම ස්ථානයට යන්න වුනා. නමුත් රඹුක්කන තත්ත්වය උත්සන්න වුණ නිසා මම පහළ පොලිස් නිලධාරීන්ට සහ කැරලි මර්දන නිලධාරීන්ට කිව්වා පාලනය කරන්න අපහසු තත්ත්වයක් ආවොත් අහසට වෙඩි තියන්න ආයුධ ගන්න කියලා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මම නැවත එම ස්ථානයට ගිහින් සාකච්ඡා කළා. නමුත් තත්ත්වය පාලය කරගන්න බැරි වුණා.  බවුසර නිදහස් කරගන්න ක්‍රමයක් නැති නිසා කැරළි මර්ධන භාර අංක 1 පොලිස් අධිකාරීවරයාට නියෝග කළා කඳුළුගැස්   ගහන්න.“

“කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ ද කැරළිකරුවන් එය නොසලකා දුම්රිය මාර්ගයේ තිබුණු ගල් වලින් පොලිසියට පහර දුන්නා.  ඒ අවස්ථාවේ පොලිස් අධිකාරීවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයා දැනුම් දුන්නා ඉන්ධන පිරවුම්හල සහ බවුසර දෙක ගිනි තැබීමට උත්සාහ කරන බව. මම යළිත් කඳුළු ගෑස් ගහන්න කිව්වා. පසුව එක් බවුසරයක් මුදාගෙන කෑගල්ලට යවන්න කටයුතු කළා.“

“පසුව මට දැනගන්න ලැබුණා ඉන්ධන පිරවුම්හල ගිනි තියලා කියලා. ඒ වෙලාවෙ මා නියෝග කළා අහසට වෙඩි කීපයක් තියන්න.  එතකොට කැරළිකරුවන් සහකාර පොලිස් අධිකාරීවරයාට පහර දුන්නා. ඒ අවස්ථාවේ දී මමත් ඒ ස්ථානයට ආවා. ඒ අවස්ථාවේ ලයිටර හා ගිනි පෙට්ටි අරගෙන පිරිසක් බවුසරය අසලට යනවා මා දැක්කා.“

“බවුසරය බේරාගන්න වෙන විකල්පයක් නැති බැවින් දණහිසින් පහළට වෙඩි තියන්න කියලා මා නියෝග කළා. එමෙන්ම මෙම සිදුවීමේ දී මා අතුළු පොලිස් නිලධාරීන් 20 දෙනෙක් තුවාල ලැබූවා.“

“මේ නියෝගය මා සද් භාවයෙන් දුන්න නීත්‍යානුකූල නියෝගයක්. බවුසර දෙකට සහ පිරවුම්හලට තැබු ගින්න ව්‍යාප්ත වුනා නම් විශාල ජීවිත හා දේපල හානියක් වෙන්න තිබුණා. පැවති තත්ත්වය මත මහ සහ මගේ නිලධාරීන්ට මරණ බය ඇති වුණා.“

“ඒ නිසා මම එම ස්ථානයේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස  සිදුවන්නට ගිය විනාශය වැලැක්වීමට ගත් පියවරක් මිස කැරළිකරුවන්ට හානි කිරීමේ චේතනාන්විත පියවරක් නොවෙයි..“

කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරිය අධිකරණයේ දී කළ විමසීමක දී පොලිස් විමර්ශන කණ්ඩායම පැවසුවේ බවුසරයට ගිනි තැබීමට උත්සාහ කළ පුද්ගලයා හඳුනාගෙන නැති බවත් දැනට තුවාල ලබා රෝහල්ගත කර ඇති පිරිස අතර එවැනි පුද්ගලයෙක් නොමැති බවත්ය.

අද මානව හිමිකම් කොමිසම ඉදිරියේ පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ   රඹුක්කන සිද්ධියේ දී විරෝධතා කරුවන්ට වෙඩි තැබීමට තමන් අණ දුන්නේ නැති බවය.

පොලිසිය පන්න පන්නා වෙඩි තබන අයුරු… 

Police were firing at the people who were running away. This is clearly a human rights violation. Strict legal actions need to be taken against the officers who are responsible.#lka #SriLanka #HumanRights #policebrutality #Police #law #justice pic.twitter.com/hJEBvbkTSf

— Prasad Welikumbura (@Welikumbura) April 19, 2022

 

මෙයත් කියවන්න….

කෑගල්ල රෝහලට ඇතුළත් කළ පොලිසියේ 20න් ඉහළම නිලධාරියා අතුරුදන් !  

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නොමැරී ඉන්න බෙහෙත් ටික ගන්න ආසියානු සංවර්ධන  බැංකුව ඩොලර් මිලියන 21ක් අද එවයි!.

Next Post

පොලිස්පතිගේ මානව හිමිකම් පොරොන්දුව…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.