ලලිත් චාමින්ද –
වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයාගේ අක්‍රමිකතා නිසා මණ්ඩලයට සිදුවි ඇති රුපියල් තිස්එක්කෝටි, විසිහය ලක්ෂ ,හැට දෙදහස්, නමසිය විසිපහක (312,662,925) පාඩුව වසර 08ක් තිස්සේ මේ වනතෙක් අයකරගැනිමට වි අලෙවි මණ්ඩලය විසින් කටයුතු කර නැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
මෙම නිලධාරිවරයා වැඩතහනමකට ලක්කොට ඔහුට එරෙහිව විමර්ශන කටයුතු ආරම්භකර වසර අටකට අධික කාලයක් ගතවී තිබුනද එම පරික්ෂණ අවසන්කර මණ්ඩලයට සිදුවි ඇති පාඩුව අයකරගැනීමට කටයුතු කර නොතිබු බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
මෙකි නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයා සම්බන්දයෙන් විධිමත් විනය පරික්ෂණය 2022.01.12 වැනිදින ආරම්භ කිරිමට නියමිතව තිබුනද වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපතිවරයා විසින් සියළු විමර්ශන කටයුතු අත්හිටුවිමට ගත් තිරණය හේතුවෙන් විමර්ශන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබුණි.
මෙම නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයාට එරෙහිව චෝදනා 77ක් ඉදිරිපත් වි තිබුණි. මේ වනවිට විමර්ශන කටයුතු කඩනමින් ආරම්භ කිරිමට කටයුතු කර ඇති බැව් වී අලෙවි මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.







