ශ්‍රියානි විජේසිංහ –
ඇෆ්ලටොක්සීන් විස කාරකය නියමිත ප්‍රමාණය වඩා වැඩියෙන් අන්තර්ගතව වීම හේතුවෙන් සුපෝෂ, නැණ පෝෂ සහ ලක්පෝෂ අලෙවිය තහනම් කිරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයන් නිකුත් කර ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
අදාළ පෝෂ වර්ග නිෂ්පාදනය කරන සමාගම් තුනට මෙම තහනම නිකුත් කළ බව සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මාතර අධිකරණ බල ප්‍රදේශය තුළ මෙම පෝෂ වර්ග තුන නිෂ්පාදනය සහ විකිණීම මේ අනුව තහනම් කර ඇති අතර දැනට වෙළඳපොලේ පවතින තොග වහාම ඉවත් කිරීමටත් නියෝග කර ඇති බව හෙතෙම පැවසීය.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ප්‍රදේශයේ වෙළඳසැල් පරික්ෂාවට ලක්කර මෙම නිෂ්පාදන අත්අඩංගුවට ගෙන ඒවා රජයේ රස පරික්ෂකවරයා වෙත යවා සිදුකළ පරික්ෂාකිරීම්වලින් ප්‍රමාණය ඉක්මවා ඇෆ්ලටොක්සීන් තිබීම හේතුවෙන් අධිකරණයේ නඩු පැවරු බව එම ප්‍රකාශකයා වැඩිදුරත් පැවසීය







