කීර්ති ප්‍රනාන්දු –
පියල් විසි හතර කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් පසුගිය 14 වැනිදා කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය නීතිවිරෝධී ලෙස රට තුළට ඇතුළු කිරීමට උත්සාහ කළ 60 හැවිරිදි පෝලන්ත ජාතිකයෙක් ද මත්ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
මෙම පෝලන්ත ජාතිකයා කොලොම්බියාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැනින් පසුගිය 14 අළුයම කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
මොහු රැගෙන ආ ගමන් මල්ල එම අවස්ථාවේ ඔහුට සොයා ගැනීමට නොහැකි වූ නිසා , එම ගමන් මල්ල රැගෙන යාම සදහා 08/14 දින සවස යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එම අවස්ථාවේ මෙම ගමන් මල්ල පිළිබඳව සැක සිතූ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් එය පරීක්ෂාවට ලක් කිරීමේදී පාවිච්චි කළ ෆැක්ස් යන්ත්‍රයක කඩදාසි රෝල් කීපයක් තුළ , කිලෝ ග්රැම් 05 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබියදී සොයා ගෙන ඇත.
වැඩිදුර විමර්ශන පැවැත්වේ.