බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුද්ගලයින් සහ සංවිධාන  අසාධුගත ලේඛනවලින් ඉවත් කරන්නේ කෙසේද?… ජනාධිපති කාර්යාලය පැහැදිලි කරයි…

by editor
අගෝස්තු 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පුද්ගලයන් හා සංවිධාන UNSC 1373 යටතේ  අසාධු ලේඛනගත කිරීමේ හා ඉවත්කිරීමේ ක්‍රමවේදය සම්බන්ධ දීර්ඝ පහැදිලිකිරිමක් සහිත නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබේ.

පසුගිය දිනවල සමාජයේ ආන්දෝලනයකට තුඩු දුන් 2022-08-01 දිනැති 2291/02 ගැසට් නිවේදනයේ සඳහන් 2012 අංක 01 දරණ එක්සත් ජාතීන්ගේ නියෝගවල 04(7) වන නියෝගය යටතේ නම් කරන ලද තැනැත්තන්ගේ ලැයිස්තුවට සිදු කරනු ලැබ ඇති සංශෝධන සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදයත්, ඒ සඳහා වන පසුබිම හා පෙර තත්ත්වයන් සම්බන්ධයෙනුත්  මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත

ජනාධිපති මාධ්‍යය අංශය  විිසින් සිදුකරන ලද එම පැහැදිලි කිරීම මෙසේය.

පසුබිම 

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ VII පරිච්ඡේදය යටතේ ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ  ආරක්ෂක කවුන්සිලය 2001 සැප්තැම්බර් 28 වන දින UNSC 1373 යෝජනාව ඒකමතිකව සම්මත කරන ලදී.‍ එමඟින් ත්‍රස්තවාදය මැඩලීම අරමුණු කොටගත් වගකීම් මාලාවක් සිය සාමාජික රටවල් වෙත ද පවරා ඇත. ඒ අනුව, 2012 අංක 01 දරණ එක්සත් ජාතීන්ගේ නියෝග යටතේ මූලිකව ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා 2012 මැයි මස 15 දිනැති අංක 1758/19 අතිවිශේෂ ගැසට් පත්‍රය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් නිකුත්කර ඇත.

ක්‍රියාවලිය

ඉහත නියෝග ශ්‍රී ලංකාව තුළ  ක්‍රියාත්මක කිරීම සඳහා විෂයය භාර අමාත්‍යවරයා වන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආරක්‍ෂක විෂයයභාර අමාත්‍යවරයාගෙන් විමසා නිසි බලධාරියා වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පත්කරනු ලැබ ඇත.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ඒ අනුව නිසි බලධරයා විසින් අදාළ නියෝගවලට අනුකූලව විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි ආයතන, නීතිය බලාත්මක කරන ආයතන හා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යන ආයතනයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් පුද්ගලයන් හා සංවිධාන පසුගිය වසර කිහිපය තුළ ත්‍රස්තවාදය සඳහා මුදල් ආධාර සැපයීමේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනයකට ලක්කර සාක්‍ෂි පදනම් කොටගෙන ලැයිස්තුගත කිරීම හෝ ඉවත් කිරීම සිදුකරනු ලබයි.

2022.08.01 දින ප්‍රකාශිත 2291/02 ගැසට් පත්‍රයට අදාළ පූර්ව විමර්ශන කටයුතු 2022 මාර්තු මාසය තුළදී ආරම්භ කළ අතර ඒ අනුව රට තුළ හෝ රටින් පරිබාහිරව ජීවත්වන හෝ  ස්ථාපිත ත්‍රස්තවාදී හෝ අන්තවාදී  සංවිධාන පිළිබඳව හා එයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳවත් ඊට අදාළ මූල්‍ය, වත්කම්, ත්‍රස්ත ක්‍රියා හෝ අන්තවාදී  ක්‍රියාවලට ඇති ඍජු හෝ වක්‍ර සම්බන්ධතාවයන් පිළිබඳව සොයාබලා එම පුද්ගලයන් හෝ සංවිධාන ලැයිස්තු ගත කිරීම හා ඉවත්කිරීම සිදුකරන ලදී.

මෙසේ ලැයිස්තු ගත කරන ලද සංවිධානයකට හෝ පුද්ගලයෙකුට ඒ සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් ගොණුකිරීමට අවශ්‍ය වේ නම් ඒ පිළිබඳව නිසි බලධාරියා වෙත අයදුම්පතක් ඉදිරිපත් කරමින් ලැයිස්තුවෙන් ඉවත්කරන ලෙස හේතු සාධකද සහිතව ලිඛිත ඉල්ලීමක් සිදුකිරීමට අවකාශය ඇත. එම ඉල්ලීම පිළිබඳ අදාළ අංශ විසින් පුළුල් තොරතුරු අධ්‍යනයකින් පසුව නිසි බලධාරියා වෙත කරුණු දක්වනු ලැබේ. ඉන්පසුව එම පුද්ගලයා හෝ සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරන්නේද යන්න පිළිබඳ නිර්දේශ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමේ වගකීම නිසි බලධාරයා වෙත පැවරේ. අමාත්‍යවරයාගේ තීරණය අවසන් තීරණය වන අතර අගතියට පත් පාර්ශවයන්ට මහාධිකරණය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් එම තීරණය අභියෝගයට ලක්කිරීමේ හැකියාව ඇත.

එමෙන්ම, පවතින මුදල් හෝ අරමුදල් තහනමට ගැනීමෙන්, කැටිකිරීමේ (Asset freezing) නියෝගයකින් හෝ වෙනත් ‍මූල්‍යමය වත්කම් හෝ ආර්ථික සම්පත් හෝ වෙනත් අදාළ සේවාවන් මඟින් බලපෑමට ලක්වු කිසියම් පුද්ගලයකුට හෝ  ආයතනයකට මහාධිකරණය වෙත පැමිණිලි කිරීමේ අවකාශයද ඇත.

මේ සෑම කාර්යයකම අවසන් තීන්දුව නිසි බලධරයා විසින් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබේ. ඒ අනුව 2012 අංක 01 දරණ එක්සත් ජාතීන්ගේ නියෝග යටතේ සාක්ෂි මත පදනම්ව විධිමත් හා ගැඹුරු තොරතුරු අධ්‍යනයකින් පසුව 2022.08.01 දින අංක 2291/2 ගැසට් පත්‍රය මඟින් පුද්ගලයන් 316ක් හා සංවිධාන 06ක් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. තවද, අලුතෙන් හදුනාගන්නා ලද පුද්ගලයන් 55ක් හා සංවිධාන 03ක් ඇතුළුව පුද්ගලයන් 316ක් හා සංවිධාන 15ක් ඉහත ගැසට් පත්‍රය මඟින් ලැයිස්තුගත කොට ඇත.

ඉවත් කළ සංවිධාන

  1. ගෝලීය දමිල සංසඳය (GTF)
  2. ඕස්ටේලියානු දමිල කොංග්‍රසය (ATC)
  3. ලෝක දමිල සම්බන්ධීකරණ කමිටුව (WTCC)
  4. දමිල ඊලාම් මහජන සභාව (TEPA)
  5. බ්‍රිතාන්‍ය දමිල සංසඳය (BTF)
  6. කැනේඩියානු දමිල කොංග්‍රසය (CTC)

නව ගැසට් පත්‍රය මඟින් ලැයිස්තුගත සංවිධාන

  1. දමිල විමුක්ති ඊළාම් කොටි සංවිධානය (LTTE)
  2. දමිල පුනරුත්ථාපන සංවිධානය (TRO)
  3. දමිල සම්බන්ධීකරණ කමිටුව (TCC)
  4. ලෝක දමිල ව්‍යාපාරය (WTM)
  5. දමිල ඊළාම් දේශාතික්‍රාන්තික ආණ්ඩුව (TGTE)
  6. ලෝක දමිල සහන අරමුදල (WTRF)
  7. මූලස්ථාන කණ්ඩායම් (HQ Group)
  8. කැනේඩියානු දමිළ ජාතික කවුන්සිලය (NCCT)
  9. දමිල තරුණ සංවිධානය (TYO)
  10. ජාතික තවුහිද් ජමාතය (NTJ)
  11. ජමාතේ මිල්ලතෙ ඉබ්‍රාහිම් (JMI)
  12. විලායත් අස් සෙයිලානි (WAS)
  13. දාරුල් අදර් (DA)
  14. ශ්‍රී ලංකා ඉස්ලාමිය ශිෂ්‍ය ව්‍යාපාරය (SLISM)
  15. සේව් ද පර්ල් (Save the Pearl)

මේ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා www.competentauthority.gov.lk වෙබ් අඩවිය පරිශීලනය කළ හැකිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විසිහතර කෝටි පනස් ලක්ෂයක කොකේන් සමග පෝලන්ත ජාතිකයෙක් කොටුවේ!

Next Post

නවක වදයට දුන් වරදට දඬුවමට ලක්වූ යාපනය සරසවි සිසුවෙක් සියදිවි හානි කරගන්න ගිහින්… සිසුවා රෝහලේ

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.