දිනසේන රතුගමගේ –
යාපනය විශ්වවිද්‍යාලයේ පලමු වසර සිසුන් පිරිසකට අමානුෂික හා ලිංගික ක්‍රියාවන් සහිතව නවක වධය ලබාදුන් ජ්‍යෙෂ්ඨ සිසුන් 18 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමත් සමගම දඬුවමට ලක් වූ එක් ශිෂ්‍යයෙකු සියදිවි හානි කර ගැනීමට උත්සාහ කිරීම නිසා ඊයේ (16) ඔහුව යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට තිබේ.
එම ශිෂ්‍යයා විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ කාමරයට ගොස් තමන් දිවි තොර කර ගන්නා බව ප්‍රකාශ කොට ලණුවක ආධාරයෙන් බාල්කයක එල්ලී සිය දිවි හානි කර ගැනීමට උත්සහ කළ අවස්ථාවේදී එය දුටු වෙනත් සිසුන් පිරිසක් ලණුව කපා ඔහුව බේරාගෙන රෝහල් ගත කොට තිබේ.
සිසුන් 18 දෙනා සඳහා වසරක කාලයක් පන්ති තහනම් කොට ඇති අතර ඔවුන්ට එම කාලය තුළ යාපනය විශ්ව විද්‍යාලය තහනම් ප්‍රදේශයක් බවටද දැණුම් දී තිබේ.
නවක වධය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය හා විනය කමිටුව දීර්ඝ කාලයක් තිස්සේ පවත්වන ලද පරීක්ෂණ වලින් පසුව සිසුන් 18 දෙනෙකු එම ක්‍රියාවලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඔවුන් නවක වධය ලබාදුන් අවස්ථාවලදී ගන්නා ලද ඡායාරූප හා වීඩියෝ දර්ශන මගින් සැකකාර සිසුන් හඳුණා ගෙන තිබේ.
එම ඡායාරූප නවක වධයට සිසුන් ලක් වන අවස්ථාවේදී යාපනය විශ්ව විද්‍යාලයේ පලමු වසර සිසුන් විසින් ලබා ගන්නා ලද ඡායාරූප හා වීඩියෝ දර්ශනය .