බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි… අධිකරණය නිගමනය කරයි!

by editor
පෙබරවාරි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතේ වගන්ති කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

මෙම පනත් කෙටුම්පත සංශෝධනය කළ නොහැකි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන ආකාරය පෙන්වා දෙන ශ්‍රේෂ්ඨාධිකරණය මෙය සම්මත කරගැනීමට නම්  පාර්ලිමේන්තුවේ සම්පූර්ණ සාමාජිකත්වයෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයකින්  සම්මත කරගෙන ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බව දන්වා සිටී.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නිගමනය සම්බන්ධයෙන්  අද පෙරවරුවේ කතානායකවරයා පාර්ලිමේන්තුව දැනුම්වත් කළේය.

ඒ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වූ  විශේෂ භාණ්ඩ හා සේවා බදු නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාව සමග කියවිය යුතු 120 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය පහත සඳහන් පරිදි තීන්දු කරයි.

පනත් කෙටුම්පතේ 2, 3 සහ 4 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76(1) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 148 ව්‍යවස්ථාව සමග එක්ව සහ වෙන් වෙන් වශයෙන් අනනුකූල වේ.

පනත් කෙටුම්පතේ 2,3 සහ 4වන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ( අ) සහ 4 ( ඈ) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 3වන ව්‍යවස්ථාව සමග අනනුකූල වේ.

පනත් කෙටුම්පතේ 2, 3 සහ 4 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ   3 සහ 4 ( ඈ) ව්‍යවස්ථා සමග කියවිය යුතු 12 (1) ව්‍යවස්ථාව සමග අනනුකූල වේ.

පනත් කෙටුම්පතේ 2 සහ 3 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ව්‍යවස්ථාව සමග අනනුකූල වේ. පනත්කෙටුම්පතේ  9(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව සමග අනනුකූල වේ.

පනත් කෙටුම්පතේ 9(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149(1) සහ 150(1) ව්‍යවස්ථාව සමග අනනුකූල වේ. පනත් කෙටුම්පතේ 11(1) සහ 11 (3) වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  3වන ව්‍යවස්ථාව සමග කියවිය යුතු 4(ඇ) ව්‍යවස්ථාව සමග අනනුකූල වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ  මෙම තීරණයෙහි අඩංගු විශ්ලේෂණය සහ ඉහත සඳහන් නිගයමනයට අනුව සහ  පනත් කෙටුම්පතේ 2,3 සහ 4 වගන්තිවල වෙන් කළ නොහැකි ස්වභාවය,  පනත් කෙටුම්පතේ එකී වගන්ති තනි තනිව සහ සමස්තයක් ලෙස දෙයාකාරයට සලකා බැලීමේ අනාවාර්යය අවශ්‍යතාවය,  පනත් කෙටුම්පතේ 2, 3 සහ 4 වගන්ති පනත් කෙටුම්පතේ ඉතිරි වගන්ති සමග එක්ව සලකා බැලීම අවශ්‍ය බව සහ  පනත් කෙටුම්පතේ 2, 3 සහ 4 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(අ) සහ 4( ඈ) ව්‍යවස්ථා සමග කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1), 76(1) සහ 148 ව්‍යවස්ථා සමග නැවත පිළියම් කළ නොහැකි ලෙස අනනුකූල වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එළඹ ඇති නිගමනය සැලකිල්ලට ගනිමින්,  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123(2)(ඇ) ව්‍යවස්ථා ප්‍රකාරව ක්‍රියා කරමින්, මෙම  විශේෂ භාණ්ඩ හා සේවා බදු නැමැති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව මගින් නියම කර ඇති පරිදි එකී පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ඇතුළු මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන්  තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකින් සම්මත කළ යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ සඳහන්  විධි විධාන ප්‍රකාරව ජනතමත විචාරණයක දී ජනතාව විසින්  අනුමත කළ යුතු බවත් තීරණය කරයි.

පනත් කෙටුම්පතේ වගන්ති ප්‍රධාන වශයෙන්ම එහි මූලික ස්වභාවය සහ ව්‍යුහය වෙනස්වන බැවින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනනුකූල වන වගන්තිවලට සංශෝධන යෝජනා කිරීම  පනත් කෙටුම්පතෙහි ප්‍රකාශිත අරමුණුවලට අනනුකූල වන බැවින් පනත් කෙටුම්පතෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවට සොයාගෙන ඇති වගන්තිවලට නිශ්ඡිත සංශෝධන යෝජනා කිරීම ප්‍රායෝගික නොවන බව වැඩිදුරටත් සඳහන් කරන අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අධිකරණයට ලබා දී ඇති අභිමතය පරිදි ක්‍රියාත්මක කරන අතරම ඉහත සඳහන් 2,3,4,5 සහ 9(1)  වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනුකූලවන පරිදි වෙනස් කිරීම සඳහා එකී වගන්ති සංශෝධනය කළ හැකි ආකාරය තීරණය කිරීමෙන් වැළකී සිටියි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිනකට ලක්ෂයක් වැටෙන දෙවියන්ගේ පින්කැටේ බේරාගන්න  උද්ඝෝෂණය කළ අඹන්පොල ගම්මු …

Next Post

කොටදෙණියාව මැර කල්ලියේ තවත් සාමාජිකයෙක් අත්අඩංගුවට….

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.