මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීම අවුරුදු 65 දක්වා වැඩි කිරීමට ගත් තීරණය පිළිබඳ යළි සලකා බලන්නැයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ අද (13) දෙවනවර අයවැය විවාදයට එක්වෙමින් ඉල්ලීමක් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
මේ අයවැයෙන් ඉදිරිපත් කළ ප්‍රශ්න සහගත යෝජනාවක් විදිහට අපි පෞද්ගලිකව විශ්වාස කරනවා විශ්‍රාම ගැන්විය යුතු වයස අවුරුදු 65 දක්වා වැඩි කිරීම.
මීට දින කීපයකට පෙර අපි පෞද්ගලික අංශයේ විශ්‍රාම ගන්වන වයස 55 සිට 60 දක්වා වැඩි කළා. මේ අය වැය යෝජනාවෙන් රාජ්‍ය අංශයේ 60 සිට 65 දක්වා වැඩි කළා.
මේක නිකම් පනහට පනහ හොඳ නරක තියන කාරණාවක්. මේක ගැන නැවත වරක් කල්පනා කරන්න ඕන. ඒ නිසා විෂය භාර අමාත්‍යතුමාගෙන් මේ අයවැය යෝජනා සාකච්ඡා කරන වෙලාවේ අපි ඉල්ලා සිටිනවා… ඉදිරි මාසයක කාලසීමාවක් අපට තියනවා. කැමති අයට ඔවුන්ගේ කාර්ය සාධනය මත හැටෙන් පස්සෙ ඉන්න පුලුවන් විදිහට මේ යෝජනාව සකස් කරන්න කියලා ඉල්ලනවා.
එහෙම නැතිව අනිවාර්යයෙන් 65 දක්වා ඉන්න සිද්ධ කළොත් නැති අර්බුදයන් ප්‍රමාණයක් නිර්මාණය වෙන්න පුලුවන්. මොකද අපේ රටේ රාජ්‍ය සේවයට එකතු වෙන්න තියන ඉඩකඩ සීමා වෙලා තියෙන්නෙ.