දිනසේන රතුගමගේ –
රජයට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව තුළ විවාදයකට ගන්නා තුරු දෙමළ ජාතික සන්ධානය ඊට සහාය ලබා දෙනවාද නැද්ද යන්න ප්‍රකාශ කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසයි..
ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසූ සුමන්තිරන් මන්ත්‍රීවරයා විශ්වාස භංගයට අත්සන් තැබීමත් ඊට සහය දීම හෝ නොදීමත් එකිනෙකට වෙනස් වූ කාරණා බවය.
ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් ඔහුට එරෙහිවද දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට කටයුතු සංවිධානය වෙමින් පැවතියත් එවැනි දෝෂාභියෝගයක් ගෙන එන්නේ මන්දැයි යන කාරණය ගැන හොඳින් අවබෝධයක් ඇති කර ගැනිමත් ඒ පිළිබදව ගැඹුරින් සිතා බැලීමත් අවශ්‍ය බවද සුමන්තිරන් මත්‍රීවරයා කියා සිටියේය.
ජනාධිපතිවරායාට එරෙහිව ගෙන එනු ලබන දෝෂාභියෝගයේ කටයුතු සදහා මාස නවයකට හෝ වසරකට වඩා වැඩි කාලයක් ගතවනු ඇතැයි කී ඔහු ජනාධිපතිවරයාට එරෙහිව එවැනි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඊට දෙමළ ජාතික සන්ධානය විසින් ලබා දෙන ප්‍රතිචාරය ගැන කල්තියා යමක් ප්‍රකාශ කිරීමට නොහැකි බවද සදහන් කළේය.







