විවාදිත ගල් අඟුරු ටෙන්ඩරයක් පිරිනැමීම සම්බන්ධයෙන් පසුගියදා ආන්දෝලනයට ලක් වූ රාජ්‍ය සමාගමක් වන ලංකා ගල් අඟුරු සමාගම අද පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එනම් කොප් කමිටුව හමුවට යළිත් කැඳවා තිබේ.
නොරච්චෝලේ ලක්විජය තාප බලාගාරයට ගල් අඟුරු සැපයීම සඳහා ලබා දුන් ටෙන්ඩරයක් හේතුවෙන් හටගත් මතභේදාත්මක තත්ත්වය සම්බන්යෙධන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා මෙලෙස එම සමාගම කෝප් කමිටුව හමුුවට කැඳවා ඇත.
ගල් අඟුරු ආනයනය සම්බන්ධ පෙර අත්දැකීම් රහිත මෑතකදී පිහිටුවා ඩුබායි හි ලියාපදිංචි කළ සමාගමකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 4.5ක් ගෙන්වීමට අදාලව ලබා දුන් මෙම ටෙන්ඩරයේ ලංසු තැබීමේදී පදනම් කර ගත් මිල දර්ශක හේතුවෙන් ඩොලර් මිලියන 450ක පාඩුවක් රජයට සිදුවිය හැකි බවට කරුණු දක්වා තිබූ අතර එම ටෙන්ඩරය අත්හිටුවීමට රජය පසුගියදා කටයුතු කළේය.







