පොලිසිය ලවා 5 වසරේ දරු පිරිසකට අමානුෂික වද දීමේ සිද්ධියක් මුල් කරගෙන දරුවන්ට කෘෘරත්වයෙන් සැලකීමේ චෝදනා මත ඊයේ (08) රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හොරණ මිල්ලනිය ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයයේ විදුහල්පතිනිය ගේ වැඩ තහනම් කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ඇය සහ එම පාසලේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යංශයද විමර්ශනයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන ඇමතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ළමයින්ට කෘෘරත්වයෙන් සැලකීමේ චෝදනා එල්ල වූ මිල්ලනිය ගුංගමුව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා, පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (8) ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කැඳවා පැය 05ක් තිස්සේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඊයේ දිනයේ දීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එහි දී අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් අතරින් ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනියත්, පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයාත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ලබන 16 දෙත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී. පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයා ඇප මත මුදා හැර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පානදුර කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරීවරයා මේ සම්බන්ධයෙන් පොලිසිය පාර්ශවයෙන් පරීක්ෂණයක් පවත්වන බවය.
පාසල් ගුරුවරියකගේ බෑගයේ තිබූ මුදල් සොරකම් කළ බවට චෝදනා එල්ල කර හොරණ මිල්ලනිය ප්‍රාථමික විද්‍යාලයේ පහ ශ්‍රේණියේ සිසුන් කිහිප දෙනෙකුට පාසල් ගුරුවරුන් විසින් දඬුවම් කිරීමෙන් අනතුරුව එම ගුරුවරුන් විසින්ම දරුවන් පොලිසියට භාර දී තිබිණි.
පසුව එම දරුවන් පොලිස් ජීප් රථය දමා රැගෙන ගොස් රථය තුළදී විදුලි සැර වද්දා පහර දී සිසුන් වධයට පත් කර නැවත පාසලට දමා ගිය බවට එම සිසුන්ගේ දෙමව්පියන් චෝදනා කර තිබිණි.
පොලිස් නිලධාරීන් තමන්ව ජීප් රථයක නංවාගෙන ගොස් විදුලි සැර වද්දා සත්‍යය හෙළි කරන ලෙස තර්ජනය කළ බවත්, පසුව ඔවුන්ව නැවත පාසලට දැමූ බවත් වධයට ලක් වූ දරුවන් දෙදෙනෙක් මධ්‍ය හමුවේ පැවසුවේය.
මේ කතාවත් බලන්න….
පහ වසර නොදරුවන් පිරිසකට නින්දිත වද දී පොලිසිය ලවා සුනඛ ප්‍රහාරයක් එල්ල කරවලා…







