අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පහ වසර නොදරුවන් පිරිසකට නින්දිත වද දී පොලිසිය ලවා සුනඛ ප්‍රහාරයක් එල්ල කරවලා…

දරුවන්ට පහර දීමෙන් පසු පොලිසිය ගෙන්වා ඇත්තේ විදුහල්පති... කරන්ට වද්දවලා, බැටන් පහර දීලා...

by editor
නොවැම්බර් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හොරණ මිල්ලනිය ප්‍රදේශයේ කනිෂ්ඨ පාසලක පස්වන ශ්‍රේණියේ සිසුන් පිරිසකට විද්‍යාලයේ ගුරුවරියක් සහ විදුහල්පතිනිය පසුගිය දෙවැනිදා පහරදීමක් සිදුකර අනතුරුව පොලිසිය ගෙන්වා පොලිස් නිලධාරීන් ලවා ද දරුවන්ට  පහර දි විදුලි සැර වද්දවා නින්දිත වදයට පත් කර මාංචු දමා පොලිස් ජිප් රථයක ගෙනගොස්  කළ අපරාධයක්  දෙරණ පුවත් සේවය වාර්තා කරයි.

එම සිද්ධිය සිදුවී ඇත්තේ  ගුරුවරියගේ අත්බෑගයේ තිබූ පසුම්බියක් සොරකම් කිරීමේ සිදුවීමකට අදාළවය.

මේ සිද්ධිය සම්බන්ධව උපරිම නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ   පවසයි.

පොලීසිය පැවසුවේ සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් පාර්ශ්වයෙන් ක්‍රියාත්මක බවය.

පහරකෑමට ලක්වූ සිසුවෙක් දෙරණ පුවත් සේවයට සිය අත්දැකීම විස්තර කර තිබුණේ මෙසේය,

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“විද්‍යා මිස් කතා කරලා ඇහුවා කවුද බෝතල්වලට චූ කළේ, පර්ස් ගත්තේ කියලා ඇහුවා. අපි කිව්වා අපි ගත්තේ නැහැ කියලා. මේගොල්ලෝ තමයි ගත්තේ කියලා, ඊට පස්සේ විද්‍යා මිස් ගැහුවා. ඊට පස්සේ අපිට මැඩම් කතා කළා. මැඩම් කතා කරලා දණ ගැස්සුවා. පස්සේ ඇත්ත කියන්න කියලා ගහපු පාර ළමයෙක්ගේ ඔළුව වැදුණා අල්මාරියේ. අල්මාරියේ වැදුණට පස්සේ එයගේ ඔලුව පොඩ්ඩක් තුවාල වුණා.”    

අනතුරුව විදුහල්පතිනිය මිල්ලනිය පොලීසියට මේ පිළිබඳව දැනුම්දී පොලිස් නිලධාරීන් පිරිසක් පාසලට කැඳවා තිබුණි.

පහරකෑමට ලක්වූ සිසුවෙක් සිය අත්දැකීම මාධ්‍යයට කීවේ මෙසේය. ,

සිසුවා – “පොලීසිය ගෙන්නලා අපිට ගැහුවා. පොලීසිය ඊට පස්සේ දණ ගස්සලා කූඩැල්ලෝ එහෙම දාලා කරන්ට් එක වද්දලා. ගහලා ජීප් එකේ මාංචු දාලා එක්කන් ගිහිල්ලා, දණ ගස්සලා කරන්ට් වැද්දුවා ආයේ. එක ළමයෙක්ගේ කකුලේ තුවාලයක් තිබිලා හම ගිහින් ලේ ආවා එයාගේ.”

ප්‍රශ්නය – ඔයාටත් ගැහුව ද ?

පිළිතුර – “ඔව්..”

ප්‍රශ්නය – කොහෙමද ගැහුවේ ?

“පහරකෑමට ලක්වූ සිසුවෙක් – බැටන් පොල්ලෙන් ගැහුවා”

ප්‍රශ්නය – කොහෙටද ගැහුවේ ?

පිළිතුර –  “යටිපතුලට.. දෙවනි පාරට ගහද්දි ඔළුවට වැදුණේ.”

ප්‍රශ්නය – ජීප් එකේ ගෙනිච්චේ  කොහොමද පුතේ ?

පිළිතුර – “ජීප් එකේ ගෙනිච්චේ පොලිස් මාමලා තුන්දෙනෙක්”

ප්‍රශ්නය –  ජීප් එකේ යනකොටත් ගැහුවද ?

පිළිතුර – “ඔව්…”

ප්‍රශ්නය – පොලීසියට අරගෙන ගියාද ?

පිළිතුර – “නැහැ බැල්ලන්තුඩාව පැත්තෙත් දාගෙන ආයේ හරවගෙන ආවා..”

ප්‍රශ්නය – මොනවා කියලද ගැහුවේ?

පිළිතුර – “කුණුහරුපෙන් කිය කිය ගැහුවේ.. කරන්ට් එක අල්ලනවා කිව්වා ඇත්ත කියන්න කිව්වා. පොලීසියෙන් තමයි කරන්ට එක ඇල්ලුවේ.”

පහරකෑමෙන් තුවාල ලැබූ දරුවන් හොරණ මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර එක් දරුවකුට එහි නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ද සිදුව තිබුණි.

මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කිරීමට දරුවන්ගේ මව්පියන් පියවර ගෙන තිබූ අතර සැණින් ක්‍රියාත්මක වූ එම අධිකාරිය මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතාගෙන් අප විමසීමක් කළේය.

ඔහු පැවසුවේ පොලිසිය දරුවන්ට පහරදුන් බව පැවසෙන සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් ක්‍රියාත්මක බවය.

දෙරණ –

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආසිරි රෝහලට පැමිණි පොලිස් ඇමති  ටිරාන්ට බැණ වැදුණු පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට…

Next Post

කන්දකාඩු කඳවුර යළිත් ඇවිලෙයි… රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් මැද 100ක් පලා යති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.