සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විල්ගමුවේ හඳුනා නොගත් වකුගඩු රෝගීන්ගෙන් සියයට 65ක් අඩු ආදායම් ලාභී ගොවීන්!

by editor
ජනවාරි 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මාතලේ විල්ගමුව ප්‍රදේශයේ හඳුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරුවූ පුද්ගලයින් 262 නෙකු සම්බන්ධ කර ගනිමින් සිදුකළ පර්යේෂණයකදී ඔවුන් අතරින් 65% දෙනෙකුම ගොවීන් බව හෙළිව තිබේ.

මෙම පිරිස අතරින් 90% කගේ මාසික ආදයම රුපියල් 10000.00 ට අඩු බවද එම පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගතවේදඥ පසන් ජයසිංහ   ඇතුළු කණ්ඩායමක් වසර 1 1/2 ක කාලයක්  විල්ගමුව කේන්ද්‍රකර ගනිමින් මෙම පර්යේෂණය සිදුකර තිබේ.

අදාළ පර්යේෂණ වාර්තාව එළිදැක්වීම නිමිත්තෙන් පසුගියදා මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී පැවැති උත්සවයකදී මෙම තොරතුරු අනාවරණය විය. යුරෝපා සංගමයේ ඇඩ්රා (ADRA) ආයතනය ප්‍රමුඛව ක්‍රියාත්මක වන ඇසෙන්ඩ් (ACCEND) ව්‍යාපෘතිය මගින් මෙම පර්යේෂණය සඳහා මූල්‍ය දායකත්වය සපයා ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මධ්‍යම පළාතේ වැඩිම වකුගඩු රෝගීන් පිරිසක් විල්ගමුවෙන් හඳුනා ගැනීම අදාළ පර්යේෂණයට එම ප්‍රදේශය තෝරා ගැනීමට හේතුවී ඇත.

අදාළ පර්යේෂණයට   භාජනය කළ රෝගීන් අතරින් 60 % කගේම මාසික ආදායම  රුපියල් 5000.00 ට අඩු බවත් අඩු ආදායම් තත්ත්වය හේතුවෙන් රෝගීන් ගෙන් අති බහුතරය ප්‍රතිකාර ලබා  ගැනීම සඳහා සායන කරා ගමන් කරන්නේ පොදු ප්‍රවාහනය භාවිත කරමින් බවත් වසංගතවේදඥ පසන් ජයසිංහ කීය.

වකුගඩු රෝගී වීම සඳහා දියවැඩියාව,අධි රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන්ද බලපාන බවත් අදාළ පරීක්ෂණය සඳහා භාජනය කරනු ලැබුවේ හඳුනා නොගත් වකුගඩු රෝගයට (Chronic Kidney Disease of Unknown Origin) ගොදුරු වූ අය පමණක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

හඳුනා නොගත් වකුගඩු රෝගයට හේතුව කුමක්ද යන්න සම්බන්ධව පර්යේෂණ ගණනාවක් සිදුකර ඇතත් ඊට නිශ්චිත හේතුවක් මෙතෙක් සොයාගෙන නොමැති බවත් ඒ පිළිබඳ විධිමත් පර්යේෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාව පවතින බවත් හෙතෙම අවධාරණය කළේය.

වකුගඩු රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීමට තරම්  සෞඛ්‍ය පද්ධතිය ගුණාත්මක මට්ටමින් ඉහළ තැනක තිබුණත් ප්‍රතිකාර ලබා ගැනීමට යාමේදී රෝගීන් නිරන්තරව පීඩාවට ලක්වන බවත් මෙයට හේතු හඳුනා ගෙන ඒවා වැලක්වීමට අවශ්‍යය පියවර යෝජනා කිරීම අදාළ පර්යේෂණයේ අරමුණ වූ බවත් ජයසිංහ මහතා කීවේය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න,පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බී.එම් ජයවික්‍රම, මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය,මධ්‍යම පළාත් විශේෂඥ වසංගතවේදඥ සුරංග ප්‍රනාන්දු,මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චමින්ද වීරකෝන්,ඇඩ්රා ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ මැතිව් විටී (Matthew Whitty)    ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තට්ටු ගොඩනැගිල්ලකින් පැන සිය දිවි නසා ගත් ඇමරිකානු රූ රැජන – චෙස්ලි ක්‍රිස්ට්!

Next Post

දේශීය නිෂ්පාදකයෙක් අන්තර්ජාතික ප්‍රමිතියෙන් පිළිකා එන්නතක් හදන්න අවසර ඉල්ලයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.