ඊයේ (13) පාර්ලිමේන්තු ප්‍රවේශය අසල බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය අසල විරෝධතා අතරතුර යුද හමුදා සෙබලෙකුගේ ගිනි අවියක් හා ජීව උණ්ඩ 60ක් පැහැර ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම්වලදී යුද හමුදා සෙබලෙක් සහ පොලිස් නිලධාරියෙක් ද තුවාල ලබා ඇති බවය.
මේ අතරින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇති පොලිස් නිලධාරියා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ සිට නාරාහේන්පිට පොලිස් රෝහල වෙත මාරුකර යවා ඇත.
මෙහිදී විරෝධතාකරුවන්ට මැදි වූ යුධ හමුදා සෙබළකු ද දැඩි ලෙස පහර කෑමට ලක්ව ඇති අතර ඔහු සතුව තිබූ ටී 56 ගිනි අවිය සහ ජීව උණ්ඩ හැටක් ඇතුළත් පතරොම් ගැබ් දෙකක් විරෝධතාකරුවන් විසින් පැහැරගෙන තිබේ. මෙම හමුදා සෙබලා වැල්ලවාය හමුදා කඳවුරට අනුයුක්ත සෙබළකි.
මේ අතර ඊයේ පැවති ගැටුම් හේතුවෙන් මේ වන විට පිරිමි පුද්ගලයන් පුද්ගලයින් හැත්තෑ නවයක් සහ කාන්තාවන් පස්දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
කොළඹ ජාතික රෝහල පවසන්නේ මෙම ගැටුම් හේතුවෙන් පොලිසියේ නිලධාරීන් දෙදෙනකු සහ යුද හමුදාවේ එක් සෙබලෙකු සහ ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකු පහර දීම්වලින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබාගන්නා බවය.
මේ අතර ගෝල්ෆේස් අරගලකරුවන්ගෙන් පිරිසක් ප්‍රකාශ කළේ සාමකාමී ජනතා අරගලයේ අරමුණු විනාශ කිරීම සඳහා යම් කුමන්ත්‍රණ දියත්වෙමින් ඇති බවය.