සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විරෝධතාව කොටුවේ පැවැත්වුවහොත් වැඩ වරදින බවට පොලිිසය දැනුම් දෙයි… තොග බඩු ප්‍රවාහන ලොරි වලට අවහිරයි ලු…

මානව හිමිකම් කොමිසම පොලිසියට නීතිය කියා දෙයි...

by editor
නොවැම්බර් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • තොග බඩු ප්‍රවාහන ලොරිවලට අවහිරයි… වරායට එන කන්ටේනර්වලට අවහිරයි… කොටුව අවට කාර්යාලවල වැඩට එන අය ප්‍රමාද නිසා ආර්ථිකයට විශාල හානියක්… මෙගා ෆෝන්   පාවිච්චි කරන්න සහකාර පොලිස් අධිකාරීවරයකුගෙන් අවසර අරන් නෑ… කොටුවේ උද්ඝෝෂණ තහනම් බව පොලිසිය දැනුම් දෙයි….

සමගි ජන බලවේගය අතුළු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධානය ඒකාබද්ධව අද (02) පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට සූදානම් විරෝධතාව කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර නො දෙන බව ඊට සහභාගී වන සියලුම පාර්ශවවලට දැනුම් දෙමින් පොලිසිය ලිඛිත දැන්වීමක් කර තිබේ.

කොළඹ මධ්‍යම 2 කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී කේ.ඒ.ඊ. එන්. දිල්රුක්ගේ අස්සනින් මෙම ලිපිය නිකුත් කර ඇත.

අනතුරුව මෙම ලිපිය විරෝධතා ව්‍යාපාරය සංවිධානය කළ පුද්ගලයින්ගේ  පුද්ගලික නිවාස හා කාර්යාල වෙත  සේ එය ලබා දීමට අද උදෑසන සිට කටයුතු කර තිබේ.

මෙම විරෝධය නිසා කොළඹ සහ පිටකොටුව ප්‍රදේශයට තොග වෙළඳාම සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථවලට අවහිරයක් වන බවත්   එම කටයුතු ප්‍රමාදවන බවත්   පොලිසිය එම ලිපිය මගින් දන්වා ඇත.

විරෝධතාව නිසා ඇති වන වාහන තදබදයෙන් ප්‍රවාහන කටයුතු අඩාල වීම නිසා කටුනායක, බියගම, වතුපිටිවල හා මහනුවර ආදි ආර්ථික කලාපවල සිට කොළඹ වරායට බහාලුම් රැගෙන ඒමේ දී නියමිත කාලයට නැව්ගත කර නො හැකි වීමෙන් ආර්ථික බලපෑමක් ද ඇති වන බව ලිපියේ සඳහන් වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

විරෝධතාව නිසා මාර්ග අවහිර වීමෙන් සංචාරකයන්ට ද පීඩාවක් හා අවහිරයක් සිදු වන බවත්  .පොලිස් අඥා පනතේ 80 වැනි වගන්තිය යටතේ ග්‍රැමෆෝනයක්, ශබ්ධ විකාශන යන්ත්‍රයක් හෝ මෙගාෆෝනයක් හෝ ඇම්ප්ලිෆියරයක් හෝ යන්ත්‍රානුසාරයෙන් හෝ ශබ්දය නිපදවන හෝ නැවත නිපදවන හෝ විශාල කරන වෙනත් උපකරණයක් භාවිත කිරීමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අවසරය ගත යුතු වුවත් එවැනි අවසරයක් ද ලබා ගෙන නැති බවත් එම ලිපියේ දන්වා ඇත.

මාර්ග අවහිර වීමක් හෝ බාධා වීමක් සිදු වුව හොත් ජනතාවට වන පීඩා ඉවත් කිරීමට පොලිස් අඥා පනතේ සහ වෙනත් නීති යටතේ ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවට ඉන් අනතුරු අඟවා තිබේ.

එම සම්පූර්ණ ලිපිය   පහත දැක්වේ.

මේ අතර මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සම්බන්ධව මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ  අදාළ පා ගමන සඳහා පොලිසියෙන් අවසර ලබා ගත යුතු බවට නීති විරෝධී ලෙස පොලිසිය දැනුම් දී ඇති බවය.

ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙහි දී අවධාරණය කරන්නේ, පොලිස් ආඥා පනතේ පවතින ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සඳහා භාවිත කිරීම අනුචිත බව යි.

මෙම අවස්ථාවේ දී මූලික අයිතිවාසිකම් උල්ලංඝණයක් සිදු වුව හොත් එය රටට බරපතළ ප්‍රතිවිපාක ඇති වීමට හේතු විය හැකි බවත් මෙම පා ගමන සිදු වන අවස්ථාව නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරී කණ්ඩායමක් යෙදවීමට අපේක්ෂා කරන බවත් එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්…

Next Post

මානව හිමිකම් කොමිෂන් සභාවත් පොලිසියට අනතුරු අඟවයි !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.