අද කොළඹ කේන්ද්‍රකරගෙන විරෝධතාවයක නිරතවන සමගි ජන බලවේගය ප්‍රමුඛ විරෝධතාකරුවන්ට මාර්ග කිහිපයකට ඇතුළුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කළේය.
මේ අතර කොටුව පොලිසියෙන් කළ ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත්වරයා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණඩාර ඇතුළු තවත් 07 දෙනෙක් වෙත නියෝගයක් නිකුත් කරමින් අද පස්වරු 2 සිට සවස 7දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ ගාළුමුවදොර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කර ඇත.ෙ
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
තවද අද දිනය තුළ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර ඇති විරෝධතා පැවැත් වීමේ දී මාර්ගයේ ගමන් ගන්නා ජනතාවට හෝ පොදු දේපළවලට යම් හානියක් හෝ අවහිරයක් සිදුවන්නේ නම් අදාළ විරෝධතා පෙළපාලිවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශයක් නිකුත් කරමින් දන්වා ඇත.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට පොලීසිය කිසිවිටෙකත් බාධා නොකරන නමුත් යම් පිරිසක් පවතින නීතියට එරෙහිව කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කරන බවය.
නීති විරෝධී සිදුවීමක් සිදුවන්නේ නම් ඒ සඳහා කටයුතු කිරීමට පොලිසිය සූදානමින් සිටින බවත් පොලිසිය ඉන්නේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට බවත් ඔහු වැඩිදුරටත් කීවේය.