ලොව ප්‍රලතම ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන බෝයිං සමාගම විසින් සිය සැපයුම් මධ්‍යස්ථානක් ඉන්දියාවේ පිහිටුෙවීමට ඇමරිකානු ඩොලර් මිලියන 24කට අධික මුදලක් අයෝජනය කිරීමට තීරණය කරනු ලැබ තිබේ.
බෝයිං සමාගමේ ඉන්දීය ඒකකයේ ප්‍රධානී සලිල් ගුප්තේ විසින් මේ බව පළමු වරට මෙම සතියේදී මාධ්‍ය වෙත අනාවරණය කර ඇති අතර මේවන විට ලැබෙන අධික ඇණුවුම් මාධ්‍යයේ මෙම ආයෝජනය කිරීමට තීරණය කළ බවද හෙතෙම පැවසීය.
අද වන විට ටාටා සමූහ ව්‍යාපාරයට අයත් ඉන්දියාවේ හිටපු රාජ්‍ය ගුවන් සේවය වන එයාර් ඉන්දියා සමාගම ජෙට් යානා 500කට ආසන්න ප්‍රමාණයක් සඳහා ඇණවුම් කිරීමත් මෙම නව ආයෝජනයට හේතු වී ඇති බවද වාර්තා වේ.
මෙහිදී ගුප්තා පෙන්වා දී ඇත්තේ සිවිල් ගුවන් සේවා අංශයේ ඉතා සුවිශේෂී වෙළඳ පොලක් ඉන්දියාව තුල පවතින බවත් එහ ඉදිරියේදී එම වෙළෙඳ පොල සීඝ්‍රයෙන් වර්ධණය වීමට ඉඩ පවතින බවද ඔහු එහිදී පෙන්වාදී දි ඇත.
කොරෝනා වසංගතයත් සමඟම ලොව පුරා ගුවන්යානා නිෂ්පාදන සමාගම් වල සහ ගුවන් සේවා සමාගම් වල අනාගතය අනපේක්ෂිත තත්ත්වයක් මතු වූ අතර විශාල පිරිසකට රැකියාවන් පවා අහිමි වූ තත්ත්වයක් නිර්මාණය විය.
ඇතැම් සමාගම් වලට තවමත් වසංගතය පැවති කාලයේදී ලැබූ අධික පාඩුව මගින් යලි නැගී සිටීමට නොහැකි තත්ත්වයක් පත්වුවද එයාර් ඉන්දියා සමාගම සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීම සුවිශේෂී ප්‍රගතියකි.