බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ ආනයනයට ඖෂධ සැපයුම්කාර සමාගම් සඳහා බැඳුම්කර ලබා දීමට කැබිනට් අනුමැතිය…

by editor
පෙබරවාරි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 60 ක පමණ මුදලක් ගෙවීමට තිබෙන නිසා ඖෂධ ආනයනයේ දී පැන නැගී තිබෙන ගැටලු මගහරවා ගැනීම සඳහා සැපයුම්කරුවන්ට බැදුම්කර ලබා දීමට කැබිනට් එකඟතාව පලව තිබෙන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඖෂධ සැපයුම්කරුවන් ගෙන් 90 % ක් පමණ මේ සඳහා කැමැත්ත පලකර තිබෙන බැවින් ලබන කාර්තුව වනවිට මෙරට ඖෂධ හිඟය 80-90 % කින් පමණ පහළ යනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

මහනුවර දී ඊයේ (19) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආනයනය කරන ලද ඖෂධ වෙනුවෙන් මුදල් නොලැබීම නිසා සැපයුම්කරුවන් සතු ඖෂධ සැපයීමේ ශක්තිය අඩුවී තිබෙන බවත් බැදුම්කර නිකුත් කිරීමත් සමඟ එම ගැටලුව පහව යනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

රෝගීන්ට අවශ්‍යය ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය දේශපාලන වුවමනාවන් මත අවුල් කිරීමේ වැඩපිළිවෙළක් ඇතැම් වෛද්‍යවරුන්ගේ ද සහය ඇතිව ක්‍රියාත්මක වන බවත් ඒ පිළිබඳ සියලු තොරතුරු ඉදිරියේ දී අනාවරණය කරන බවත් කෙහෙළිය රඹුක්වැල්ල  කීවේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

රෝගීන්ට අවශ්‍යය ඖෂධ නිසි වේලාවට ගෙන්වා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණ බවත් කුමන ආකාරයේ බාධා පැමිණියද ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසුවේය.

ලියාපදිංචි නොවූ සමාගම් මගින් ඖෂධ ගෙන්වා තිබෙන බවට සුළු පිරිසක් හඬ නගන බවත්  ඒලෙස ගෙන්වන ලද ඖෂධ භාවිතය හේතුවෙන්  රෝගීන්ට  යම් ගැටලුවක් ඇතිවුව හොත් එහි  වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය බාර ගන්නා බවත්  සෞඛ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල කීවේය.

ජාතික  ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය යටතේ ඖෂධ ගෙන ඒමේ ක්‍රියාවලිය සඳහා මාස 06 ත් 12 ත් අතර කාලයක් ගතවන බවත් යුරෝපානු සංගමය අනුමත කර තිබෙන ඇමරිකාව,ජපානය වැනි රටවල් පාවිච්චි කරන ඖෂධයක් මෙම ක්‍රියාවලියෙන් බැහැරව ගෙන ඒමෙන් කිසිදු හානියක් සිදු නොවන බවත් ඔහු පැවසුවේය.

කෙටි කාල සීමාවක් තුළ ඖෂධ මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බවත් ඇතමුන් මෙය විවේචනය කරනු ලබන්නේ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් මිස ජනතා සුබසෙත ගැන සිතා නොවන  බවත් හෙතෙම අවධාරණය කළේය.

ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලද සමාගම් මගින් ඖෂධ 186 ක් ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවූ බවත් එයින් ටෙන්ඩර් ඉදිරිපත්ව තිබුණේ ඖෂධ වර්ග තුනක් සඳහා පමණක් බවත් කී ඇමතිවරයා එවැනි තත්ත්වයක් තුළ ඉතිරි ඖෂධ ගෙන්වා ගන්නේ කෙසේද යන්න ගැටලුවක් වූ බවද ප්‍රකාශ කළේය.

ඖෂධ සමාගම්වලට රජය රුපියල් බිලියන 60 ක පමණ මුදලක් ගෙවීමට තිබෙන නිසා මේ නිසා ඖෂධ ආනයනය කිරීමට සමාගම් ඉදිරිපත් නොවන බව  කී සෞඛ්‍ය ඇමැතිවරයා අප්‍රේල් මාසය වනවිට මෙම මුදල් ගෙවා පවතින ගැටලු විසඳා ගැනීමට අපේක්ෂා කරන බව ද පැවසුවේය.

අත්‍යවශ්‍යය නොවන සැත්කම් සඳහා ලබා දී තිබෙන දින කල් දැමීම මෙයට පෙර ද රටේ සිදුව තිබෙන බවත් ඇතමුන් මෙවැන්නක් රටේ සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය බවට හුවා දැක්වීමට උත්සහ කරන බවත් ඇමැතිවරයා කීවේය.

ජනවාරි මාසයේ මෙරට සමස්ත ආදායම රුපියල් බිලියන 145 ක් වුවත් වියදම බිලියන 380 ක් බවත් ඉන් බිලියන 82 ක් වැටුප් වලටත් තවත් බිලියන 27 ක් විශ්‍රාම වැටුප් සඳහාත් බිලියන 16 ක් සමෘද්ධි වෙනුවෙනුත් වෙන්කළ බවත් ඇමතිවරයා ඉතිරි වූ මුදලින් බිලියන 10 ක් සෞඛ්‍යයට ලබාදුන් බවද අවධාරණය කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වූ 19 හැවිරිදි යාපනයේ තරුණියක් ඊයේ නුවර වැව රවුමේ දී අත්අඩංගුවට…

Next Post

විරෝධතාවයට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි…  සජබ මහලේකම් ඇතුළු කීප දෙනෙකුට ස්ථාන කීපයකට ප්‍රවේශවීම වැලැක්වීමේ නියෝගයක්….

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.