අනන්‍යාතාවය තහවුරු කිරීම සඳහා සිය ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට නොහැකි වූ යාපනයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් ඊයේ නුවර වැව රවුමේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව නුවර පොලිසිය කියයි.
මෙම තරුණියගේ නම සහ උපන් දිනය උපයෝගී කර ගනිමින් ලේඛණගත පරික්ෂාවක් සිදු කල විට රාජ්‍ය බුද්ධි සේවාවේ ලේඛන ගතවී නොමැති බව තහවුරු වී ඇති බවත්, ඇයට සිය අනන්‍යනතාවය තහවුරු කිරීමට නොහැකිවීම හේතුවෙන් සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
වැව රවුමේ ජොයි බෝට්ටු සේවය අසල දී ජනරජ පෙරහරේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් පිරිසක් ඇයව අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත් අද උදෑසන 10 වනවිටත් ඇයගෙන් ප්‍රකාශ සටහන් කිරිම ආරම්භ කර තිබුණේ නැත.
ඇය තාවකාලිකව පදිංචි වී සිටින්නේ උඩුදුම්බර පොලිස් වසමේ හුන්නස්ගිරිය නූල්වත්ත, කොබනීල ලිපිනයේ යැයි ද අරියාලෙ හංදිය, නල්ලූර් පාරෙහි 03 වන නිවසේ ඇය ස්ථිරව පදිංචි වී සිටින බව ද පොලිසිය පවසයි.
කෙසේ වෙතත් ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූවරුන් සිටි අවස්ථාවක දී ජාතික හැඳුනුම්පතක් ලඟ නැතිවීම නිසා අනන්‍යතාවය ඔප්පු කළ නොහැකිවීමේ සැකය මත බව දැනගන්නට ඇත.