සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වියත් මගෙන් ආපු ආණ්ඩුව නිසා රටේ දරුවන්ගේ අනාගතය  කියත් වී ඇති අයුරු ලේකම් හෙළිකරයි

by editor
ජූනි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී අහිමි වූ ඉගෙනුම් කාලය පිළිබඳවද විශේෂ අවධානය යොමුකරන ලෙස නිර්දේශ…
  • දුෂ්කරතා මධ්‍යයේ වුවද අධ්‍යාපන ක්ෂේත්‍රය පවත්වාගෙන යාමට කටයුතු කිරීම පිළිබඳ කමිටුවේ ඇගයීමට
  • 2020 වසරේදී සිසු දරුවන්ගේ ඉගෙනුම් අහිමිවීම 54% ක් ලෙස ද 2021 අගෝස්තු වන විට 88% ක් ලෙස ද ගණන් බලා ඇති බව  ද  අනාවරණය වෙයි

සමස්තයක් ලෙස ගත් විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතා බැරෑරුම් හා සංකීර්ණ ක්‍රියාවලියකට අවතීර්ණවීමට සිදුව ඇති බවත් කොවිඩ් තත්ත්වයටත් වඩා ආර්ථික අර්බුදය හමුවේ උද්ගතව ඇති තත්ත්වය කළමනාකරණය කර ගැනීම අපහසුව ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා පසුගියදා (15) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය.

පැවති කොවිඩ් තත්ත්වය සහ ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුම් පිළිබද විමසා බැලීම සදහා  මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෝපා කමිටුව හමුවට අධ්‍යාපන බලධාරීන් කැඳවූ අවස්ථාවේදී අධ්‍යාපන ලේකම්වරයා මේබව පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන ආයතනවල නිලධාරීහු මෙම විශේෂ රැස්වීමට කැඳවා තිබිණි.

නියමිත දින ගණන පාසැල් පැවැත්වීමට නොහැකිවීම නිසා පවතින සීමිත කාලසීමාව තුළ විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකිවීම, පවතින ඉන්ධන හිගය, දරුවන්ගේ පවුලේ ආර්ථික අපහසුතා, දෙමාපියන්ට රැකියා අහිමිවීම ආදිය බරපතල ගැටලුවක් වෙමින් පවතින බව ලේකම්වරයා පෙන්වා දුන්නේය. මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කළද ග්‍රාමීය වශයෙන් විවිධ දුෂ්කරතා පවතින බවත් ඉගෙනුම් ක්‍රියාවලියේදී මාර්ගගත ක්‍රමය දීර්ඝකාලීනව සිදුකිරීම සිසු දරු දැරියන් සදහා සාර්ථක ක්‍රමයක් නොවන බවත් මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඇතිවී ඇති ආර්ථික අර්බුදකාරී තත්ත්වය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයට මීට පෙර වෙන් වූ වැය ශීර්ෂයන්ට අයත් මුදල් ප්‍රමාණවත් නොවීම තවත් ප්‍රධාන ගැටලුවක් බවත් රජයේ මුදල් ප්‍රභවයන්ට පරිබාහිරව වෙනත් ආයතනවලින් ලැබීමට ඇති UNICEF, ADB, ලෝක බැංකුව වැනි ව්‍යාපෘතිවල මුදල් ප්‍රතිව්‍යුහගත කර ප්‍රමුඛතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා යෙදවීමට කටයුතු කරන බවත් මෙහිදී ලේකම්වරයා පැවසීය.

සීමිත කාලයක පාසැල් පැවැත්වීම නිසා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකි තත්ත්වයක විභාගයට අදාළ කරගන්නා විෂය නිර්දේශයේ වපසරිය සීමා කිරීමේ අවශ්‍යතාව පිළිබදවද කමිටුවේ විශේෂ අවධානය යොමුවිය. එසේ නොවන විට දරුවන් මෙන්ම ගුරුවරුන්ද දැඩි පීඩනයකට ලක්වන බව කමිටුව පෙන්වා දුන්නේය.

2020 වසරේදී සිසු දරුවන්ගේ ඉගෙනුම් අහිමිවීම 54% ක් ලෙස සහ 2021 අගෝස්තු වන විට 88% ක් ලෙස ගණන් බලා ඇති බව  ද මෙහිදී අනාවරණය විය. මෙවැනි තත්ත්වයක් තුළ විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග පැවැත්වමේදී අදාළ ඉගෙනුම් අහිමිවීම පිළිබද සලකා බලා දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස ප්‍රශ්න පත්‍ර සැකසීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය. ඒ සදහා ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව මනා සම්බන්ධීකරණයෙන් මේ සදහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ක්‍රියාත්මක කරන ලෙස කමිටුව මෙහිදී නිර්දේශ කළේය.

එසේම පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ළගම පාසැලට දරුවන් තාවකාලිකව අනුයුක්ත කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන  බවත් එය මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් මෙහිදී අනාවරණය විය.

මෙහිදී පවතින දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවද සාමාන්‍ය පෙළ ඇතුළු ජාතික විභාග නිසි පරිදි පැවැත්වීමට කටයුතු කිරීම පිළිබද විභාග කොමසාරිස් ජනරාල් ඇතුළු සියලු නිලධාරීන් කමිටුවේ ප්‍රශංසාවට ලක්විය. එසේම කොවිඩ් තත්ත්වය තුළ මෙන්ම ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රය නිසි පරිදි පවත්වා ගැනීමට කටයුතු කළ සියලු ගුරුවරු ඇතුළු අධ්‍යාපන බලධාරීන්ටද කමිටුව සිය ප්‍රශංසාව පුද කළේය.

පැවති කොවිඩ් තත්ත්වය සහ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින ගැටලු පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. පවතින ඉන්ධන හා ගෑස් හිගය වැනි දුෂ්කරතා හමුවේ තවදුරටත් ප්‍රායෝගික පරීක්ෂණ යනාදිය සඳහා පමණක්  විශ්ව විද්‍යාලවලට කැදවීම සිදු කරන බවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ දේශන පැවැත්වෙන බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ඩොලර් මිලියන 100 ක ව්‍යාපෘතිය නැවත සළකා බලා පවතින අර්බුදය හමුවේ ඵලදායි ලෙස යොදා ගැනීමට සැලසුම් සකස් කරන ලෙස මෙහිදී කමිටුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නිර්දේශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර,  ලසන්ත අලගියවන්න, මොහොමඩ් මුසම්මිල්, තිස්ස අත්තනායක, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශිවඥානම් ශ්‍රීතරන්, ප්‍රසන්න රණවීර,  (ආචාර්ය) හරිනි අමරසූරිය, වීරසුමන වීරසිංහ සහ (වෛද්‍ය) උපුල් ගලප්පත්ති යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ

Share69Tweet43
Previous Post

ප්‍රශ්න විසඳෙනතුරු මාස 06ක්  ගුරුවරුන්ට ලඟම පාසල…  අධ්‍යාපන අමාත්‍යාංශය කියයි…

Next Post

ඉන්ධන අර්බුදයට විසඳුම් දෙන්න යැයි අපේක්ෂා රෝහල ඉල්ලයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.