ඉන්ධන හිඟය හේතුවෙන් රෝගී සත්කාර සේවාවන් බිඳ වැටීමේ ඉහළ අවදානමක් මතුව ඇති බැවින් රෝහලේ වැඩකටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍යවරු රජයෙන් ඉල්ලා සිටිති.
රටේ පවතින උග්‍ර ඉන්ධන අර්බුදය අපේක්ෂා රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙත බලපා ඇති නිසා රෝහලේ සත්කාර සේවා ලබා ගන්නා රෝගීන් විවිධ අපහසුතාවලට මුහුණ දෙන්නට සිදු වෙනු ඇතැයි ඔවුහු සඳහන් කරති.
දැඩි දුෂ්කරතාවයන් මධ්‍යයේ වුව ද නියමිත සියළුම සේවාවන් අඛණ්ඩව සැපයීමට වෛද්‍යවරුන් ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩලය ඇප කැප වීමෙන් ක්‍රියා කළ බව ද කොවිඩ් වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශවල විවිධ වැඩවර්ජන හමුවේ පවා අඛණ්ඩ සේවාවක් සැපයූ බව ද ඔවුහු නිවේදනයක් මඟින් පැහැදිලි කරති.