හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නඩු කටයුත්තක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇත.
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (03) මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.
විමල් වීරවංශ අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ රජයේ වාහන අවභාවිතා කරමින් රජයට රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් පනවා ඇති නඩු කටයුත්තකට ඔහු අද දිනයේ සහභාගී නොවීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.
.







