ඉදිරි සති දෙක තුල කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණ සංඛ්‍යාවේ සිදුවන සීග්‍ර වැඩිවීම කුමන හේතුවක් මත හෝ යළි අවම කළ නොහැකි යැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝරහණ සදහන් කරයි.
මේ වන විට සෞඛ්‍ය අංශවලට දරාගැනීමට නොහැකි වන ලෙස වැඩිවන රෝගීන් පාලනය කර ගැනීම නොහැකි වන අතර රෝගීන් පාලනය කර ගැනීම කඩිනම් නොකළහොත් රට තුළ මහත් ව්‍යසනකාරී තත්ත්වයක් පැන නැගීම ඒකාන්ත යැයිද ඔහු පෙන්වාදේ.
සමාජයේ සිදුවන සියලුම ඒකරාශීවීම් වහාම වැලැක්විය යුතු වන අතර දිස්ත්‍රික්ක හා පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතුවා මෙන්ම අනවශ්‍ය ලෙස ආයතනවලට සේවකයින් ගෙන්වීම වහාම අත්හිටුවිය යුතු යැයිද ඔහු පෙන්වාදේ.
කොවිඩ් පාලන ක්‍රියා මාර්ගයන් ගැනීමට ප්‍රමාද වන සෑම විටකම ජීවිත කීපයක්ම කොවිඩ් මාරයා බිලිගන්නා බවද ඔහු අවධාරණය කරයි.
එසේම , බිම් මට්ටමේ වාර්තා වන ආසාදිතයින් හා මරණ නිවැරදිව ජනතාව අතරට නොයෑම හේතුවෙන් ජනතාව තුළ රෝගය සම්බන්ධයෙන් බියක් හෝ නිසි අවබෝධයක් ඇති නොවන බවය.