රට පුරා විසිර සිටින ලිට්‍රෝ අලෙවි නියෝජිතයන් මේ වන විට තමන්ගේ සියලුම ගෑස් තොග අවසන්වී ඇති බැවින් ඇණවුම් කිරීම සඳහා ලිට්රෝ සමාගමේ අලෙවි අංශය ඇතුළු කළමනාකරුවන් සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද ඔවුන් කිසිදු කෙනෙකු දුරකථනය ප්‍රතිචාර නොදක්වන බව අලෙවි නියෝජිතයෝ සඳහන් කරති.
ලංකාසර අද දින කළ විමසීමක දී පෙනී ගියේ දිවයිනේ පළාත් රැසකම අලෙවි නියෝජිතයන් සතුව ගෑස් තොග නොමැති බවය.
පවතින ගෑස් හිඟය හේතුවෙන් විශාල අර්බුදයක් රට තුළ නිර්මාණය වී ඇති අතර එයින් වැඩිපුරම බලපෑම් එල්ල වී ඇත්තේ නාගරික සහ අර්ධ නාගරික ජනතාවට ය.
ඔවුන් ආහාර පිසීම සඳහා භාවිත කරන මූලික බලශක්ති ප්‍රභවය වන්නේ LP ගෑස් වන බැවින් ප්‍රධාන සැපයුම්කරුවන් දෙදෙනාටම ගෑස් සැපයීමට නොහැකි වී ඇති බැවින් එම ජනතාවට ආහාර පිසීමේ විකල්ප ක්‍රම හිඟවීම නිසා බරපතල අර්බුදයකට මුහුණ පා ඇත .
ඇතැම් ස්ථානවලට ගෑස් සැපයීමට කටයුතු කර තිබුණත් ඇණවුම් කළ ප්‍රමාණයෙන් 25%ක් 30%කවත් ගෑස් නොලැබුණු බව අලෙවි නියෝජිතයෝ පවසති.
මේ හේතුවෙන් දින ගණනාවක් තිස්සේ ගෑස් හිඟය ට මුහුණ දී සිටින ගෘහස්ථ පාරිභෝගිකයන් ගෑස් ටැංකි සමග මුදල් ද ප්‍රදේශයේ අලෙවි නියෝජිත ලබාදී සිලින්ඩර ඇණවුම් කළ ඇනවුම් කර ඇති අතර එහෙත් ඉන් සුළු ප්‍රමාණයක් පමණක් ගෑස් සැපයීමට අවස්ථාව ලැබීම නිසා එම ස්ථානවල උණුසුම් ලෙස හැසිරෙන අයුරු දක්නට ලැබිණි.
ඒ අනුව බොහෝ දෙනාට තවදුරටත් ගෑස් නොමැතිව බලා සිටීමට සිදුවී ඇත.
පවතින කොවිඩ් තත්වය හමුවේ බාහිරින් ආහාර මිලට ගැනීම ද ගැටලු ගැටලුකාරී ය.