ඉන්ධන පිරවුම්හල් 450ක් 150 බැගින් වූ කණ්ඩායම් 3කට වර්ග කර නව විදේශීය සැපයුම්කරුවන් 03 දෙනා වෙත ලබා දීමට තීරණය ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
ඉන්ධන පිරවුම්හල්වල හිමිකරුවන් සහ කළමනාකාරීත්වය සමඟ පැවති සාකච්ඡාවේ දී අනාවරණ වී ඇත්තේ ඉදිරි මස ඇතුළත නව විදේශීය ඉන්ධන සේවා සැපයුම්කරුවන් ශ්‍රී ලංකා ඉන්ධන වෙළඳපොළට පැමිණෙන බවය.
අමාත්‍ය කාංචන විජේසේකර මේසේ අද (4) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ කළමනාකාරීත්වය හමු වී තිබිණි.
අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ නව සැපයුම්කරුවන්ට ලබා දීමට නියමිත ඉන්ධන පිරවුම්හල්වල හිමිකරුවන් සහ කළමනාකාරීත්වයේ පළමු කණ්ඩායම් දෙක තමා අද හමුවූ බවය.
මෙම සාකච්ඡාවේ දී නව සැපයුම්කරුවන්ට බෙදා හැරීම, වර්ගීකරණ යාන්ත්‍රණය, නව ගිවිසුම්, මිල සූත්‍ර, නව සැපයුම්කරුවන්ගේ ප්‍රතිලාභ, බෙදාහරින්නන්ගේ ආන්තික, රජයේ ප්‍රතිපත්ති සහ රෙගුලාසි පිළිබඳව සාකච්ඡා කළ බව ඇමතිවරයා සිය ට්විටර් පණිවිඩයේ දක්වා තිබේ..
චීනයේ සිනොපෙක්, යුනයිටඩ් පෙට්‍රෝලියම් ඔස්ට්‍රේලියාව Shell සමඟ සහයෝගයෙන් කටයුතු කරන එක්සත් ජනපදය පදනම් කරගත් RM Parks යන විදේශීය සමාගම් තුනකට ශ්‍රී ලංකාව සිල්ලර ඉන්ධන බෙදා හැරීමේ බලපත්‍ර ලබා දී ඇත.
සෑම නව සැපයුම්කරුවෙකු සඳහාම අලෙවි නියෝජිතයන් විසින් මෙහෙයවනු ලබන ඉන්ධන පිරවුම්හල් 150ක් වෙන් කිරීමටත්, තෝරාගත් සෑම සමාගමක් විසින්ම තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
Met the first two groups of owners & management of Fuel stations that will be made available to new suppliers this morning. 450 fuel stations has been categorized into 3 separate groups of 150 that will be made available to the new foreign fuel service operators. Briefed them &… pic.twitter.com/vyvTFMZxuk
— Kanchana Wijesekera (@kanchana_wij) May 4, 2023