ලලිත් චාමින්ද –
ජාතික හිස තෙල් ගෑමේ චාරිත්‍රය අත් විඳිමින් රටවල් 17ක සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් අද (15) පෙරවරුවේ කරාපිටිය ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේදී පැවති හිසතෙල් ගෑමේ උත්සවයට එක් වූහ.
එම පිරිස මහත් වූ භක්තියෙන් යුතුව එම චාරිත්‍රයට එක් වී සිටි අයුරු දක්නට ලැබිණි.
හිස තෙල් ගෑමේ නැකැත් චාරිත්‍රයට අනුව හිසතෙල් ගෑම කරාපිටිය ශ්‍රී සුනන්දාරාම විහාරාධිපති මානවේරියේ ධම්මික හිමියන් විසින් සිදු කරනු ලැබීය

.මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ඇතුළු ප්‍රදේශවාසීන් අති විශාල පිරිසක් ද එක් වී සිටියහ.
හිස තෙල් ගෑමේ උත්සවය විජේපාල හෙට්ටිආරච්චි මිත්‍රත්ව පදනම මගින් සංවිධානය කොට තිබුණි.







