අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශිකයෙක් සමග මොනරෙක්  මස් කර පුලුස්සා  කෑ  ප්‍රකට වීඩියෝවට සම්බන්ධ ආදිවාසීන් 05 දෙනා අත් අඩංගුවට…

by editor
ජූලි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ආරක්‍ෂිත පක්ෂයක වන මොණරෙකු මරා පුළුස්සා එම මස් මී පැණි සමග ආහාරයට ගත්     ආදිවාසී පස්දෙනා අද (10 ) හෙනානිගල අඩවි ආරක්ෂක කාර්යාලයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔවුන් පස්දෙනාට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත නිදහස් කර  සැප්තැම්බර් 15 වෙනිදා යළිත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහියංගන මහේස්ත්‍රාත් තාරක රසංග සංජීව ජිනදාස   නියෝග කළේය. 

අදාළ ආදිවාසී සැකකරුවන් පස්දෙනා 10 වෙනිදා හෙනානිගල අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන්  විසින් අත්අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

මාදුරුඔය ජාතික වනෝද්‍යායේ ආරක්ෂිත පක්ෂයෙකු ලෙස හඳුන්වන මොණරෙකු දඩයම් කර ගිනි දල්වා පුළුස්සා විදේශිකයකු සමග එම මස් ආහාරයට ගන්නා අයුරු රූගත කර you tube නාලිකාවක් ඔස්සේ ප්‍රදර්ශනය කර තිබීම දැනුම්වත් වීමෙන් පසු  වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය සම්බන්ධයෙන් මෙම  ආදිවාසීන්  පස්දෙනා  ගැන විමර්ශන කටයුතු ආරම්භ වී තිබිණි.

ආදිවාසීන් පස් දෙනා සම්බන්ධව  හෙනානිගල අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් විසින්  බී වාරතාවක් හරහා ඉදිරි නීති කෘත්‍ය සඳහා   මහියංගණය අධිකරණයට   ඉදිරිපත් කර තිබිණි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

බී වාර්තාව මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු  ආදිවාසීන් පස්දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහියංගන  මහේස්ත්‍රාත් තාරක රසංග සංජීව ජිනදාස   ජුනි 13 වෙනිදා වනජීවී නිලධාරීන්ට නියෝග කළේය.

මෙම සිද්ධිය 2019 වර්ෂයේ හෝ 2020, වර්ෂයේ සිදුව ඇති බවට සැක කරන බවත්, විදේශිකයා සමග දඹාන ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා එම අපරාධය සාමූහිකව සිදුකර රූගත කිරීම සම්බන්ධව සහ 1964 අංක 44 දරණ හා වර්ෂ 1970 අංක 01 හා 1993 අංක 49 දරන හා වර්ෂ 2012 අංක 22 දරණ අණ පනත් වලින් සංශෝධිත, 1937 අංක 02 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 469 අධිකාරිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ අංක 32 ප්‍රකාරව පොදු අරමුණින් යුතුව මෙම අපරාධය සිදුකර ඇති බවට සනාථ වීම නිසා ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට  කටයුතු කර තිබිණි.

අත්අඩංගුවට ගත් ආදිවාසීන් පස්දෙනා පාපොච්චාරණය කර ඇත්තේ තමන් මොනරා ඝාතනය නොකළ බවත්, සුරංග නමැති පුද්ගලයකු විසින්  මරණ ලද මොණරෙකු දඹාන පාසල අසලදී තමන්ට දුන් බවත්,  තමන් පස්දෙනා විදේශිකයාට සම්බන්ධ කරදීමෙන් අනතුරුව  සුරංග යන අය විසින් තමන්ට රුපියල් 2500 බැගින් වූ මුදලක් ලබාදීමට කටයුතු  කළ බවත්ය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට   අත්අඩංගුවට ගත් වහාම මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද, හෙනානිගල අඩවි ආරක්ෂකවරයා සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැණික් ගගේ මිනි කන කිඹුලන් අල්ලා යාලට රැගෙන යයි…

Next Post

රටට වාහන ආනයනය කිරීම අගෝස්තුවෙන් පසු… මුදල් රාජ්‍ය ඇමති පාර්ලිමේන්තුවට කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.