ලබන අගොස්තුවෙන් අනතුරුව නිශ්චිත විධිමත් ක්‍රමවේදයකට අනුව රටට වාහන ආනයනය කිරීමට සැලසුම් කරන බව මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය අද පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ රටේ විදේශ විනිමය සංචිත ආරක්ෂා කරගනිමින් ඉතා ක්‍රමානුකූල වැඩපිළිවෙළක් යටතේ වාහන ආනයනයට කටයුතු කරන බවය.
රාජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය මෙසේය.
“අපට ප්‍රශ්නයක් තිබුණෙ විනිමය ගැන. අපි එය සීමා කළා. නමුත් අත්‍යාවශ්‍ය දේට අපි දැනටමත් දොර විවෘත කරලා තියනවා. සංචාරකයින් සඳහා වසර හයකට වඩා වැඩි වාහනවල යන්න බැරි නිසා අපි එය විවර කළා. “
“නමුත් එතැනින් අපි නවතින්නෙ නෑ. මේ වර්ෂයේ තුන්වන කාර්තුවේ ආරම්භ කරලා පොදු ප්‍රවාහන සේවා ප්‍රවාහන සේවා මේවා වෙනුවට පාවිච්චි කරන විකල්ප, සාමාන්‍ය වාහන ලෙස ඉන් එහාට යනවා කියලා. “
“නමුත් එය ඉතාම පිළිවෙළකට කළ යුතුයි. පාරිභෝගිකයාට වාහන අවශ්‍යතාවය තියනවා වගේම ඒ තුළින් තවත් ප්‍රශ්නයක් ඇති නොවන විදිහට , නැවතත් මේ රට ඩොලර් එකක්වත් නැතිවන තත්ත්වයට පත් නොවන ආකාරයට ගැලපෙන ක්‍රමවේදයක් තුළ මේක විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. “
“සියලුම අංශ නියෝජනය කරන කමිටුව රැස් වුනා. අගෝස්තුමාසේ දෙවැනි සතියට පෙර ඔවුන් වාර්තාව ඉදිරිපත් කරනවා කොහොමද අපි මේක ඉදිරිපත් කරන්නේ කියලා. “
“කැබිනට් මණ්ඩලය අනුමැතිය ලද වහාම යම් කිසි ක්‍රමානුකූල ක්‍රමවේදයකට මේ කාරණාව ඉෂ්ට කරන්න. “









