විදේශ රටවල සේවය කිරීමට කැමැති රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් රහිත වසර පහක නිවාඩු අනුමත කිරීම පිළිබඳ යෝජනාව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම යෝජනාවට අනුව විදේශගත වන රාජ්‍ය සේවකයින්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට ඔවුන් සේවයට වාර්තා නොකිරීම බාධාවක් නොවේ.
එලෙසම මේ වන විටත් වැටුප් සහිතව හෝ රහිතව විදේශගතව සිටින මෙන්ම තවදුරටත් වැටුප් රහිත නිවාඩු අවශ්‍ය රාජ්‍ය සේවකයින්ට නැවත මෙරටට නොපැමිණ ඒ සඳහා අවශ්‍ය විධිමත් අනුමැති ලබා ගැනීමේ ක්‍රමවේදයක් සඳහා ද මෙම යෝජනාවෙන් අවස්ථාව ලැබේ.