විදේශ ශ්‍රමිකයන් කඑවන විනිමය රුපියල් බවට පරිවර්තනය කිරිමේ දී ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 20ක දරි දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
ආරංචි මාර්ග පවසන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ දැනට පවතින ඇමෙරිකානු ඩොලරයේ අගයට අමතරව එම මුදල ගෙවනු ඇති බවය. මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
මහබැංකුව අද රුපියල පවතින විනිමය තත්වයන් අනුව පාවෙන්නට ඉඩහල බව ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධානී අජිත් නිවාඩ් කබ්රාල් බැංකුකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇතැයි EconomyNext වාර්තා කළේය. මහබැංකුව පවසන්නේ රුපියල් 230 යනු මගපෙන්වීමක් පමණක් බවත් වෙළෙඳපල තත්වය මත ඩොලරයේ අගය තීරණය වනු ඇති බවත්ය.
මේ සමගම මැදපෙරදිග මුදල් ඒකකවල වටිනාකම ද රුපියලට සාපේක්ෂව වැඩි වී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිනාර් එකක විකිණුම් මිල රුපියල් 55ශත 01 සිට රුපියල් 62.48 තෙක් ද තෙක් ද, කටාර් රියාල් එකක් රුපියල් 55.30 සිට 62.96 තෙක් ද සවුදි අරාබි රියාල් එකක් රුපියල් 53.86 සිට රුපියල් 61.16 තෙක් ද ඉහළ ගොස් තිබේ.
කුවේට් ඩිනාර් එකක විකිණුම් මිල රුපියල් 665.21 සිට 755.43 දක්වාත්, ඕමාන් රියාල් එකක් රුපියල් 542.90 සිට 596.09 දක්වාත් බහරේන් ඩිනාර් එකක විකිණුම් මිල රුපියල් 536 සිට රුපියල් 608.69 දක්වාත් ඉහළ ගොස් ඇත.