බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ දුක දැනෙන්නෙ කාදිනල් තුමාට විතරයි.. මම  එතුමාට ආදරෙයි!-  ඇල්ලේ ගුණවංස හිමි…

by editor
මාර්තු 9, 2022
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

පියසේන දිසානායක –

ඇල්ලේ ගුණවංස හිමියෝ මේ ආණ්ඩුව පිහිටුවීමේ පුරෝගාමී මෙහෙරවරක් කළ හිමිනමකි. එහෙත් උන්වහන්සේ මේ වනවිට ආණ්ඩුවේ හැසිරීම පිළිබඳව උකටලීව සිටිති. වේදනාවෙන් සිටිති. ඒ වේදනාව ප්‍රකාශ කරති. උන්වහන්සේ මෙපමණ රිදවීමට පත් වූ කාරණා මොනවා ද?. ඒ අරභයා ලංකාසර අප හා උන්වහන්සේ කළ සාකච්ඡාව  මෙලෙස පල කරමු.

Elle-Gunawansa

ප්‍රශ්නය –  වත්මන් ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව බලයට ගෙන ඒමට ඔබ වහන්සේලා විශාල කැප කිරීමක් හා දායකත්වයක් දැරුවා. එහෙම ගෙනාව වත්මන් පාලනය ගැන දැන් මොනවද ඔබවහන්සේට හිතෙන්නේ‍ෙ

පිළිතුර – ඔව්. අපි මේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පත් කරගන්න විශාල කැපකීරීමක් කළා. නමුත් අද සිදුවෙමින් ඇති දේවල් ගැන අපි ඉන්නෙ දැඩි කලකිරීමෙන්. දැඩි වේදනාවෙන්. අපේ සිතට විශාල කනගාටුවක් දැනෙනවා. අපි පමණක් නොව, මේ රටේ හැට නව ලක්ෂයක් ජනතාව දැඩි බලාපොරොත්තු ඇතිවයි මේ පාලකයින් බලයට පත් කළේ.

වත්මන් පාලනය බලයට පත් කරගන්න කැප වුන හැට නව ලක්ෂය එදා කල්පනා කළේ රටේ ප්‍රශ්නවලට තමන්ගේ ප්‍රශ්නවලට මේ අය විසඳුම් ලබා දෙයි කියලා. නමුත් අද වනවිට ඒ කිසිදු බලාපොරොත්තුවක් ඉටු කර නෑ. ජනතාව අපේක්ෂා භංගත්වයට පත් වෙලා. අද ප්‍රශ්න කියන්න කෙනෙක් නෑ… අපට කතා කරන්න කෙනෙක් නෑ….

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ප්‍රශ්නය –  අපේ හාමුදුරුවනේ. හැට නව ලක්ෂයෙ එක් අයෙක් ඔබවහන්සෙ. ඔබ සමග රටේ අගමැති මහින්ද රාජපක්ෂ ඉතාම සමීපයි. ඉතාම ලඟින් ඇසුරු කරන බව ඔබ වහන්සේම ප්‍රකාශ කර තිබෙනවා. එතුමා සමග හෝ මේ ප්‍රශ්න කතා කළේ නැද්ද?

පිළිතුර – මහින්ද රාජපක්ෂ මැතිතුමා රෝගී තත්ත්වයෙන් සිටින නිසා එතුමා සමග මේ ප්‍රශ්න කතා කළේ නෑ.  එතුමාට අමතරව ජනතා ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න තව කොපමණ පිරිසක් ඉන්නව ද?.

ඒ කවුරුත් ඇහුම්කන් දෙන වගක් පෙනෙන් නෑ. එහෙම ඇහුම්කන් දී අප සමග සාකච්ඡා කරනවා නම් අපට තව ටිකක් ඉවසන්න පුලුවන්. දැන් ඉවසීමේ සීමාවෙන් පැත්තකට යන්න හදනවා. ජනතාවත් එහෙමයි.

මේ රටේ දශක තුනක් පැවති යුද්ධය මහින්ද රාජපක්ෂ මානුෂීය මෙහෙයුමකින් නිමා කළා. අපි එතුමට උදව් කළා. ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂත් ඒ අවස්ථාවේදි සහයෝගය දුන්නා. මේ අවස්ථාවේ දී ඔවුන්ට අප ස්තුති කළ යුතුයි.

අගමැති තුමාට ප්‍රශ්න විසඳීමේ හොඳ හැකියාවක් තියනවා. අපි මේ සියලු දේවල් කළේ මහින්ද රාජපක්ෂ මහතාට අපේ විශාල ගෞරවයක් තිබෙන නිසයි. දේශපාලනයට වැඩිය එහා ගිය ගෞරවයක් බව කිව යුතුයි.

එතුමාට පන්සලකට ගිහින් තේ එකක් නොබිව්වොත් නින්ද යන්නෙ නැති තත්වයක් තිබුණා. ඒ ගැන කියමින් මම එතුමට විහිළු කළා. නමුත් දැන් එතුමාගෙ අසනීප තත්වය ගැන අප කල්පනා කළ යුතුයි.

ප්‍රශ්නය – මහින්ද මහත්තයා සහ  ඔබවහන්සේ අතර තියෙන ඔය තරම් ලොකු බැඳියාව කුමක් ද කියලා දැනගන්න කැමතියි…

පිළිතුර – මහින්ද රාජපක්ෂ මහත්තයා සහ මා අතර තියෙන සම්බන්ධය දශක තුන හතරක් වෙනවා. මගේ නායක ස්වාමීන්වහන්සේගෙන් ඉගෙන ගත්තු පිරිස අතරින් බොහෝ දෙනෙක් ලෝකයේ මෙන්ම මේ රටෙත් ඉහළ තානාන්තර වල ඉන්නවා. ඒ අතරින් එක්කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා 2005 ජනාධිපති ලෙස පත්වුනාම ප්‍රථමයෙන්ම, ඊට පසු දින අලුයම පැමිණියේ මගේ පන්සලට බව සිහිපත් කළ යුතුයි.

එදා මහින්ද  මහත්තයා මගේ පන්සලට එන විට එතුමා සමග විශාල වාහන පෝලිමක් පැමිණිය මට මතකයි. ඒ අවස්ථාවේදීත් මම ඒ අයට දොස් කිව්වා මෙහෙම ඇවිත් මේ මනුස්සයව විනාශ කරන්න එපා කියලා.

අපි අතර යම් ප්‍රශ්නයක් ගැටලුවක් මතුවුනාම අප සමග එය විවෘතව කතා කරනවා. එය එතුමාගෙ ප්‍රතිපත්තියක්. ඒ අනුව ඒ ප්‍රශ්නයට විසඳුම් සොයනවා. මා සමග පමණක් නොව එතුමාට ලෙන්ගතු මෙන්ම හතුරුකම් කරන අයත් සමගත් එහෙමයි. හැමෝම සමග කතා බහ කරනවා. ඒ අනුව අදාල ප්‍රශ්නය තෝරලා බේරලා ෆිල්ටර් කරලා අරන් විසඳන ක්‍රමයක් හොයනවා.

නමුත් මේ දිනවල රටේ උද්ගතව ඇති ප්‍රශ්න සම්බන්ධව එවැනි කථිකාවක් නෑ. මේ මතුව ඇති ප්‍රශ්නවලට අයිතිකාරයෙක් නැතිව පාවෙනවා. ප්‍රශ්න ඉබේ විසඳෙන්න ඇරලා බලාගෙන ඉන්නවා. ඒ නිසා රටේ ජනතාව දැඩි පීඩාවන්ට පත්ව කරකියාගත නොහැකිව අසරණව බලා සිටිනවා.

ප්‍රශ්නය – අගමැතිතුමා ජනාධිපතිතුමා මෙන්ම ආණ්ඩුවෙ වගකිවයුතු අය මේ රටේ විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කරන අයුරු ජනමාධ්‍ය ඔස්සේ අපි දුටුවා. ඔබවහන්සේ ඔය ප්‍රකාශ කරන ආකාරයට ඔබවහන්සේලාට සාකච්ඡාවක් නොදෙන්නෙ ඔබවහන්සේලා හිතවත් අය මෙන්ම ඒ අය හැර නොයන නිසා ද?

පිළිතුර – ඔව්. ආණ්ඩුව බලයට පත්වුනාම හැමදාම දිනන භික්ෂූන් පිරිසක් හා ගිහි පිරිසක් ඉන්නවා. නායකයා පත්වුණ ගමන් ඒ අය ලං වෙනවා. ඒ අය හැමදාම දිනලා. අපි හැමදාම පැරදිලා. එක ස්වාමීන්වහන්සේ කෙනෙක් සතුටු කරන්න යමක් දුන්නම රටේ මිනිස්සු සතුටු වෙන්නෙ නෑ. එක් පුද්ගලයෙකුට වඩා රටේ සමස්ත ජනතාවම සතුටු කළ යුතුයි. එක් භික්ෂුවකට වඩා සමස්ත ශාසනය සතුටු කළ යුතුයි.

ප්‍රශ්නය – පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කරන්න ළඟින්ම කටයුතු කළ පාර්ශවයක් තමයි උගතුන් බුද්ධිමතුන්ගෙන් සමන්විත වියත්මග සංවිධානය. ජනාධිපතිතුමාට උපදෙස් දෙන ඒ අයට හෝ ලඟින් සිටින අයට ඔබවහන්සේ ඔය කියන ප්‍රශ්න ගැන අවබෝධයක් නැද්ද?

පිළිතුර – මම මුකුත් කතා කරන්නෙ නෑ.  ඒ ගැන කියලා වැඩක් නෑ. බඩයි කඳයි තිබුණට ප්‍රශ්න විසදන්න බෑ. අවබෝධයක් දැනුමක් තියන අය ලං කර ගෙන සිටියානම් රට මෙවැනි අර්බුදයකට පත් වෙන්නෙ නෑ.

ප්‍රශ්නය –   අත්‍යාවශ්‍ය භාණ්ඩවල විශාල හිඟයක් රට තුළ නිර්මාණය වෙලා තියනවා. ඒ වගේම භාණ්ඩ මිල දරාගත නොහැකි තරමට ඉහළ ගොස් ජනතාව අන්ත අසරණවෙලා. මේ දුක ආණ්ඩුවට නොදැනුනත් ජනතාවට නායකත්වය දෙන මහා නායක හිමිවරු ප්‍රමුඛ සමාජයේ අනෙක් කණ්ඩායම්වලටවත් දැනෙන්නෙ නැද්ද?. මේ හැමෝම ජනදුක හමුවේ නිහඬව බලා සිටින තත්වයක් ඇති වී තිබෙනවා නේද?

පිළිතුර – අද වනවිට ගෑස් විදුලිය කිරිපිටි සිමෙන්ති නෑ. හැම තැනම පෝලිම් ඇතිවෙලා. නිවසක තුන්දෙනෙක් ඉන්නවා නම් ඒ හැමෝටම පෝලිම්වල ඉන්න වෙලා. පෝලිම්වල හිටියත් ගන්න බඩු නෑ.  බඩු මිල හිතුමතේට ඉහළදමා තියනවා. තවත් පැත්තකින් ගොවි ජනතාව අසරණ වෙලා. පොහොර නැතිව කොහොම හරි වගා කරගත්ත කුඹුරු ටික තියන අස්වැන්නවත් නෙලා ගන්න විදිහක් නෑ. ඒ සඳහා භාවිත කරන යන්ත්‍ර උපකරණවලට තෙල් නෑ. එළවළු ගොවීන් අසරණයි. ධීවරයින්ට තෙල් නැතිව මුහුදු යන්න බෑ. බස් රියදුරන්ට බස් ධාවනය කරන්න බෑ.

රටේ සෑම ක්ෂේත්‍රයකම අර්බුදය මතුවෙලා මිනිස්සු අන්ත අසරණව බලාගෙන ඉන්නවා.

රටේ පවතින ප්‍රශ්න ගැන කිසිවෙක් කතා කරන්නෙ නෑ.   හැමෝගෙම කටවල් වැහිලා. නමුත් කාදිනල් තුමා කතා කරනවා. ඒ නිසා එතුමාට මමත් ආදරෙයි. එතුමාට මේ දුක දැනෙනවා

ප්‍රශ්නය – රාජ්‍ය සම්පත් සුරකින බවට ප්‍රතිඥා දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව අද වනවිට ඉඩම් ඇතුළු රාජ්‍ය සම්පත් රැසක් විකුණා දමමින් සිටිනවා.  මේ ගැන ඔබවහන්සේ යමක් දන්නවාද?.

පිළිතුර – ඔව්.. අද රට පුරා ඉඩම් විකුණනවා. කොළඹ පමණක් විශාල ඉඩම් ප්‍රමණයක් මේ වනවිට විකුණලා තියනවා. විකුණන්න සැලසුම්කර තිබෙනවා. මේක ගැන කවුරුත් කතා කරන්නෙ නෑ.

කොළඹ කැප්පිටිපොල මාවතේ අක්කර ගණනාවක් විකුණනවා. රාජගිරියෙ පැරඩයිස් කියලා එකකට විශාල ඉඩමක් විකුණනවා. රාජගිරියෙ තවත් විශාල භූමියක් විකුණන්න යනවා. මේ ආකාරයෙන් විශාල ඉඩම් ප්‍රමාණයක් විකුණමින් තියනවා.

මේ විනාශයට කිසි විටෙකත් ඉඩ දෙන්න බෑ. මේවා රටේ සම්පත්. මේවා කොල්ල කන්න දෙන්න බෑ. අපට ලජ්ජයි. අපි පොඩිකාලෙ නිවසක තියන දෙයක් විකුණාගෙන කනවා නම් ඒකට විරුද්ධ වෙනවා. අද මේ පාලකයින් මොකක්ද මේ රටට කරන විනාශය. මේවා ජාතිය සතු සම්පත්,

සම්පත් විකිණීමට එරෙහිව මා අධිකරණයට යනවා. දැනටමත් තෙල් ටැංකි ගනුදෙනුවට විරුද්ධව අධිකරණයට ගිහින් තියනවා. එල්එන්ජී නඩුව විභාග නොකර පැත්තකට දැමුවා. කැලෑ කැපීමට එරෙහිව නඩු දෙකක් දාලා තියනවා

කොළඹ ඉඩම් විතරක් නොවෙයි. ඒකල ගුවන් විදුලි සංසථාවට අයත් ඉඩමේ මා සමාජ සේවා කටයුතු ටිකක් කරගෙන ගියා. දැන් ඒ ඉඩමත් විකුණනවා.

 ප්‍රශ්නය – ජනතාව පීඩාවට පත් කිරීම සේම රාජ්‍ය සම්පත් විකුණා දමමින් රටට කරන විනාශ අනුව තවත් බලා ඉන්න බෑ කියලා ඔබවහන්සේ කියා සිටිනවා. ඔබවහන්සේ හදන්නේ වෙනත් දේශපාලන ප්‍රවාහයක් බලයට පත් කරගන්න ද?

පිළිතුර – නැහැ. එහෙම තවත් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් බලයට ගෙන එන්න අවශ්‍ය නෑ. නමුත් රට ගැන කල්පනා කරන රටට ආදරය කරන බලවේගයක් අප ගොඩනැගිය යුතුයි.

ප්‍රශ්නය  – කොහොම ද ඒ බලවේගය ගොඩ නගන්නේ.

පිළිතුර –  සියලු බලවේග පොදු සම්මුතියකින් එකට එකතු රකගන්නා පොදු වේදිකාවක් ගොඩනැගිය යුතුයි. පොදු වේදිකාවට නගින සියලු පාර්ශවයන් ගිවිසුමක් ඇති කරගෙන එය ආරම්භ කළ යුතුව තිබෙනවා.

පසුගිය යුගවල පොදු එකඟතාවයන් යටතේ නායකයින් බලයට පත් වුනත් ඔවුන් ඒ පොදු අරමුණු කඩ කලාට පසු ඔවුන්ට නීතිමය පියවරක් ගන්න බෑ.

නමුත් මේ බලවේගය එහෙම කෙනෙක් නෙමෙයි. එකඟතාවය කඩකරනවා නම් ඊට එරෙහිව අධිකරණයට ගිහින නීතිමය පියවරක් ගැනීමට හැකියාව තිබිය යුතුයි.

ප්‍රශ්නය. ඔබවහන්සේ කියන ඔය පොදු වේදිකාව ගොඩනැගීම ආරම්භ කරන්නෙ කවද්ද?

පිළිතුර – එහි කටයුතු මේ වනවිටත් නීතිඥ කණ්ඩායමක් විසින් කරගෙන යනවා… හැකි ඉකිමන්නි එය ආරම්භ කර මේ තත්වය වළක්වා ගත යුතුයි.

ප්‍රශ්නය – විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමතිධුරවලින් ඉවත් කිරීම සම්බන්ධව ඔබවහන්සේට කිව හැක්කේ කුමක් ද?

පිළිතුර – එය අනවශ්‍ය ගැටලුවක්. මේ සම්බන්ධව දෙපාර්ශවයම වගකිව යුතුයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මින් පසු ආනයනික ටින් මාළු චීස් බටර් නෑ… සීමා පැනවූ ආනයනික ද්‍රව්‍ය 367ක ලයිස්තුව මෙන්න…

Next Post

විදෙස් ශ්‍රමිකයන් එවන සෑම ඩොලරයකටම  වැඩිපුර රුපියල් 20ක්… මැදපෙරදිග මුදල් ඒකකවලත් මිල වැඩි වේ!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.