අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදෙස් බුද්ධි තොරතුරින් පසු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ 14 වරක් ජනාධිපතිට ඇමතුම් දීලා

by Lanka Sara Editor
අගෝස්තු 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලදි තමන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා කළද, තමන් කිසිවෙකු රැකිමක් සිදු නොකරන බව හටපු රාජ්‍ය බුද්ධි හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඊයේ ( 24) ජනාධිපති කොමිසම හමුවේ දී පැවසුවේය. ඒ එම කොමිසම හමුවේ 17වන දිනටත් සාක්ෂි ලබා දෙමිනි.

පසුගිය වසරේ අප්‍රේල් මස 04 වන දින විදෙස් බුද්ධි අංශයක් විසින් ප්‍රහාරය පිළිබද පුර්ව දැනුවත් කිරීමක් සිදුකළ පසු ප්‍රහාරය එල්ලවීමට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර පැවති දුරකතන සංවාද පිළිබඳ විශේෂ දත්ත වාර්තාවක් ඔස්සේ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කිරීම සිදුකළේය.

මෙහිදී සභාපති විනිසුරුවරයා හිටපු බුද්ධි අධ්‍යක්වරයාගෙන් විමසා සිටියේ ඔහු විසින් භාවිතා කළ බවට ජනාධිපති කොමිසමට ලබාදී ඇති දුරකතන අංක දෙකෙන් පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසට ලබා දුන් දුරකථන ඇමතුම් ගැනය.

වර්ෂ 2019 අප්‍රේල් මස 05 වන දින පෙ.ව 7.59 ට තත්ත්පර 28 ක දුරකතන ඇමතුමක්ද, 2019 අප්‍රේල් මස 08 වන දින පෙ.ව 7.18 ට තත්ත්පර 17 ක දුරකතන ඇමතුමක්ද, 2019 අප්‍රේල් මස 09 වන දින පෙ.ව 8.02 ට විනාඩි 04යි තත්ත්පර 14 ක දුරකතන ඇමතුමක්ද, 2019 අප්‍රේල් මස 12 වන දින පෙ.ව 8.50 ට තත්ත්පර 37 ක දුරකතන ඇමතුමක්ද, එදිනම ප.ව 08.07 ට තත්ත්පර 16 ක දුරකතන ඇමතුමක්ද, 2019 අප්‍රේල් මස 13 වන දින පෙ.ව 6.27 ට තත්ත්පර 15 ක දුරකතන ඇමතුමක්ද, 2019 අප්‍රේල් මස 14 වන දින ප.ව 9.39 ට තත්ත්පර 38 ක දුරකතන ඇමතුමක්ද, 2019 අප්‍රේල් මස 15 වන දින ප.ව 7.47 ට විනාඩි 03යි තත්ත්පර 19 ක දුරකතන ඇමතුමක්ද, 2019 අප්‍රේල් මස 20 වන දින ප.ව 6.16 ට විනාඩි 01 යි තත්ත්පර 28 ක දුරකතන ඇමතුමක්ද, පාස්කු ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් මස 21 වන දින ප්‍රහාරය එල්ලවීමට පෙර තවත් දුරකතන ඇමතුමක්ද නිලන්ත ජයවර්ධන විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාගත්තේද යන්න ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඊට පිළිතුරු දෙමින් හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා කියා සිටියේ තමන් විසින් අදාළ ඇමතුම් ලබාගන්නා ලද්දේ පැජට් පාරේ පිහිටි එවකට ජනාධිපතිවරයාගේ නිල නිවසට බවත්, එහි ඇති දුරකතන ඇමතුම් පරික්ෂා කිරීමේ එකකය විසින් ඇතැම් අවස්ථා වලදී පමණක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධ කර දුන් බවත්ය.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා යළිත් අදාළ විශේෂ වාර්තාව දක්වමින් 2019 අප්‍රේල් මස 04 වන දින පෙ.ව 6.50 ට විනාඩි 10යි තත්ත්පර 40 ක දුරකතන ඇමතුමක්ද, 2019 අප්‍රේල් මස 08 වන දින පෙ.ව 8.12 ට විනාඩි 04 ක දුරකතන ඇමතුමක්ද, 2019 අප්‍රේල් මස 13 වන දින පෙ.ව 7.11 ට විනාඩි 09 යි තත්ත්පර 11 ක දුරකතන ඇමතුමක්ද, 2019 අප්‍රේල් මස 15 වන දින ප.ව 7.52 ට විනාඩි 05 යි තත්ත්පර 06 ක දුරකතන ඇමතුමක්ද, පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසින් නිලන්ත ජයවර්ධනට ලැබුනේදැයි ප්‍රශ්න කළේය.

අදාළ දුරකතන ඇමතුම් තමන් ලැබෙන්නට ඇති බව එහිදි ලිලන්ත ජයවර්ධන ප්‍රකාශ කළේය.

“ජනාධිපතිවරයාගේ නිල නිවසින් ජනාධිපතිවරයා හැරුණු විට වෙනත් අයෙකු ඔබට ඇමතුම් ලබාගන්නේද?.“ සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් විමසුවේය.

ලිලන්ත ජයවර්ධන එහිදී කියා සිටියේ ඇතැම් අය තමන්ට ඇමතුම් ගෙන සම්බන්ධ කරගැනීමට නොහැකි වු විට ජනාධිපතිවරයාගේ නිල නිවස හරහා තමන් සම්බන්ධ කර ගැනීමට උත්සහ දැරූ බවය.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයාව දැඩිව ප්‍රශ්න කළේය.

“අප්‍රේල් 04 වන දින විදෙස් බුද්ධි අංශයකින් ප්‍රහාරයක් පිළිබද පුර්ව දැනුවත් කිරීමක් සිදු කිරීමෙන් පසු සැලකිය යුතු අවස්ථා ප්‍රමාණයකදි ඔබ ජනාධිපතිවරයා සමග සම්බන්ධ වී ඇති බව අනාවරණය වනවා… මේ පසුබිමේ දී ප්‍රහාරය පිළිබඳව ඔබ ජානධිපතිවරයාව පුර්ව දැනුවත් කිරීමක් කළේ නැද්ද?.“

එම ප්‍රශ්නයට හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා ලබැ දුන්නේ නැත යන පිළිතුරය.

“අප්‍රේල් 04 දින Whatsapp පණිවුඩයකින් මට ලැබුණෙ පළමු පුර්ව දැනුවත් කිරීම මුලික තොරතුරක් පමණයි. ඒ නිසා ඒ පිළිබද ජනාධිපතිවරයා දැනුවත් කළේ නෑ. එම තොරතුර වැඩි වර්ධනය කිරීමෙන් පසු අප්‍රේල් මස 07 වන දින ඒ පිළිබඳ මා ජාතික බුද්ධි ප්‍රධානියා දැනුවත් කළා. යම් හෙයකින් පසුගිය වසරේ අප්‍රේල් මස 15 හෝ 16 ජාතික ආරක්ෂක කවුන්සලය රැස්වුයේ නම් පුර්ව දැනුවත් කිරීමේ තොරතුර පිළිබඳ මට ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ හැකියාවක් තිබුණා“. ලිලන්ත ජයවර්ධන කීවේය.

සාක්ෂිදීම අවසානයේ නිලන්ත ජයවර්ධන මෙසේ කීවේය.

“මම කාවවත් රකිනවා නෙමේ ස්වාමිනි”

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා පෙරළා ප්‍රතිචාර දැක්වූයේය.

” අප ඔබ කිසිවෙක් රකිනවා යැයි ප්‍රකාශ කළේ නැහැනේ ”

සභාපති විනිසුරුවරයාගේ එම ප්‍රකාශය හමුවේ හටපු බුද්ධි අධ්‍යක්ෂවරයා සිනාසී මෙසේ කීවේය.

“සමහරු කියනවා“

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිලියන 100ක මත්කුඩු ගාල්ලෙන් අල්ලයි

Next Post

පළාත්සභා අහෝසි ද?… තීන්දුව කමිටු වාර්තාව පැමිණි පසු…..

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.