විදෙස් ගතව සිටිනමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන කොලොන්නාව ධනුෂ්ක සහ චන්දන ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සහෝදරියක හා සහෝදරයෙක් මත්ද්‍රව්‍යද සමග ඊයේ (08) අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.
මෙසේ අත්අංඩගුවට පත්වන්නේ වයස අවුරුදු 28 ක් වූ කමල්ඩීන් මොහොමඩ් ඉර්ෆාන් නැමැත්තෙක් සහ . වයස අවුරුදු 34ක් වන මුෆ්ලියා කමල්ඩින් නැමැත්තියකි. ඔවුන් දෙදෙනා කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් ය..
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගන්නේ වැල්ලම්පිටිය කිත්තම්පහුව , ශ්‍රී විවේකාරාම මාවත පිහිටි ඔවුන්ගෙ නිවසට පිවිසෙන මාර්ගයේ දී ය.
එහිදී සැක කරුවන් දෙදෙනා සමග යතුරු පැදියකින් ගෙන යෑමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් 28.77 ක් මුදලින් රුපියල් 496,420.00 ක්, විද්‍යුත් තරාදියක්, මත්ද්‍රව්‍ය ඇසිරීම සඳහා භාවිතා කරනු ලබන පොලිතින් ඇසුරුම් රෝල් 03 ක්, ජංගම දුරකථන 02 ක් ද සමග අත්අඩංගුවට ගෙන තිබිණි.
කොලොන්නාව ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන දැනට විදේශ ගතව සිටින කොලොන්නාවේ ධනුෂ්ක හා චන්දන යන අයවලුන්ගේ සමීපතමයින් වන මේ පුද්ගලයින් දෙදෙනා මත්ද්‍රව්‍ය බෙදා හැරීම හා දෛනිකව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා මුදල් විවිධ බැංකු ගිණුම් වලට බැර කරන අයවලුන් බවට ද අනාවරණය වී ඇත.
එමෙන්ම සැකකරු හා සැකකාරිය පදිංචි නිවස සෝදිසියට ලක් කිරිමේදී 2023.06.05 වන දින කොලොන්නාව සිංහපුර ප්‍රදේශයේ ගරාජ් හිමිකරුවකු ඉලක්ක කර T56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් භාවිතා කරමින් වෙඩි තැබීමක් සිදු කිරීම සම්බන්ධව මේ වන විට වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ පසුවන සැකකරුගේ ජාතික හැදුනුම්පත සහිත මුදල් පසුම්බියක්ද නිවසේ තිබියදී සොයාගෙන ඇත.
පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







