තමන්ට දඬුවම් කිරීම නිසා උරණ වූ වයස අවුරුදු 12 සහ 08 වයස්වල පාසල් සිසුන් දෙදෙනෙක් පාසලේ විදුහල්පතිවරයාගේ කාර්යාලයට සහ පරිගණක විද්‍යාගාරයට ගිනි තැබූ පුවතක් පානදුරෙන් වාර්තා වේ.
පානදුරේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පාසලක මෙම ගිනි තැබීම සිදුකර තිබේ. ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ක බලවත් පරිශ්‍රමයකින් අනතුරුව ගින්න නිමා දමා එය ඇති වී තිබෙන ආකාරය සම්බන්ධව කළ මූලික විමර්ශන වලදී මෙම කුඩා පාසල් සිසුන් දෙදෙනා එය සිදුකර ඇතැයි හෙළි වී තිබේ.
ඔවුන් පවසා තිබුණේ විදුහල්පතිවරයා තමන්ට දැඩි ලෙස පහර දුන් නිසා ඔහුට රිදවන්නට මේ ගිනි තැබීම සිදුකළ බවය. මෙම කුඩා දරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.