විශ්ව විද්‍යාල ගණනාවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වන විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වනවිට ශ්‍රි ජයවර්ධනපුර පාර්ලිමේන්තුව සහ බත්තරමුල්ල ප්‍රදේශයේ දැඩි ආරක්ෂක වැඩසටහනක් සමඟ ජී.අයි යකඩ බට භාවිත කර දැවැන්ත ආරක්ෂක වැටවල් සංකීර්ණයක් ඉදි කර ඇත.
විශ්ව විද්‍යාල ගණනාවක් ශිෂ්‍ය සංගම්වල සහභාගීත්වයෙන් මෙම පා ගමන අද පසවරු 1.00ට රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යායතනය අසලින් ආරම්භ වී පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. මේ හේතුව නිසා ඊයෙ රාත්‍රියේ සිට මෙම ජී.අයි යකඩ බට භාවිත කර මාර්ග බාධක ඇතුළු කපොලු නිර්මාණය කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අතර එහි සියලුම පිවිසුම් මාර්ග වෙත මේ වනවිට දැඩි රැකවල් යොදා ඇති බව සඳහන් වේ. පහත දැක්වෙන්නේ ඊයේ රෑ මුළුල්ලේ ජී.අයි බට ගසමින් විරෝධතා පාලනය කිරීමට ආණ්ඩුව දැරූ පරිශ්‍රමය පිළිබඳව අන්තර්ජාලයේ සැරසරමින් තිබූ වීඩියෝවකි.