දිනසේන රතුගමගේ –
වවුනියාව මහ රෝහලේ 4 හා 14 වාට්ටු සංකීර්ණයට යාමට ඇති විදුලි සෝපානය අක්‍රිය වී දින දහයකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇති නිසා එම වාට්ටු වලට රෝගීන් රැගෙන යාම විශාල ගැටලුවක් වී තිබේ.
මහල් තුනකින් යුත් මෙම වාට්ටු සංකීර්ණය වෙත මේ දිනවල රෝගීන් රැගෙන යාම කරමතින් හෝ රෝද පුටුවක තබා එම පුටුව කර මත ගෙන යාමෙන් සිදු කරනු ලබයි.
යුද හමුදාවේ රෝගීන් දෙදෙනෙකු කරමත තබා ගත් තවත් යුද හමුදා සෙබළුන් කීප දෙනෙකු රෝගියා ඔසවා ගෙන 14 වාට්ටුව වෙත දිව යන ආකාරය වවුනියාව මහ රෝහලේදී දැක ගැනීමට හැකිවුණි.
මෙම විදුලි සෝපානය අලුත් වැඩියා කිරීමට කටයුතු කරණ ලෙස අදාල සමාගමට වවුනියාව මහ රෝහලේ පාලන අධිකාරිය දනුම් දී ඇතත් එම විදුලි සෝපානය මීට ඉහතදී වාර කීපයක්ම අළුත්වැඩියා කිරීම් වෙනුවෙන් එම සමාගමට ගෙවීමට ඇති හිග මුදල ගෙවන තුරු ඔවුන් යළි අලුත් වැඩියාවකට නොපැමිණෙන බව දැනුම් දී තිබේ.
වවුනියාව මහ රෝහලේ විදුලි සෝපානය ක්‍රියා විරහිත වීමෙන් වැඩි වශයෙන්ම පීඩාවට පත්ව ඇත්තේ හෘද රෝගීන් වැනි ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන රෝගීන්ය.







