පිලිමතලාව ඩයමන්ඩ් ප්ලාස්ටීක් සමාගමේ විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එම කම්හලේ සේවයේ නියුතු එක් තරුණියක් මිය ගොස් අනෙක් තරුණිය බරපතල තුවාල සහිතව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ බලන 512 ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 26ක් වන අයේෂා ජයමාලි කුලරත්න නැමැති තරුණියකි. බරපතල තුවාල ලද තරුණියගේ සුසුම්නාවට විශාල හානියක් සිදු වී ඇති බවත් ඇයගේ ජීවිතය බරපතල අවදානමක ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම අනතුර සිදුවූ අංක, 400, කොළඹ පාර, පිළිමතලාව යන ස්ථානයේ පිහිටි ඩයමන්ඩ් ප්ලාස්ටීක් නිශ්පාදන ආයතනය පිහිටුවා ඇත්තේ තට්ටු තුනක් සහිත ගොඩනැගිල්ලකය. එහි පොලිතින් බෑග් නිශ්පාදනය කිරීම කළෙක සිට සිදුකෙරෙමින් ඇති බව වාර්තා වේ.
ආයතනය තුළ සේවක සේවිකාවෝ 400 වැඩි පිරිසක් සේවය කරති. අනතුරට ලක් වූ සේවිකාවන් දෙදෙනා නිශ්පාදන අංශයේ සේවය කළ බව පැවසේ.
සෝපානයේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවත් පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක පවසයි.