ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කොට ඇති බව වාර්තා වේ. ලබන පෙබරවාරි මස පළමුවැනිදා සිට තමන් විදුලි බල මණ්ඩල සභාපති ධුරයෙන් සහ අධ්යක්ෂ මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව බව සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (26) දින ලිපියක් මඟින් දැනුම් දී ඇති අතර එහි පිටපත් විදුලි බල අමාත්‍යවරයා අමාත්‍යංශ ලෙක්ම්වරුන් ඇතුළු ගණනාවක් වෙත යොමු කොට ඇති බවද සඳහන් වේ.
පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වන බවට ඔහු සඳහන් කොට ඇති අතර පසුගිය සති කිහිපය පුරා ඔහු ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව තිබුණේ විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස නීත්‍යනුකූල නොවන අයුරින් වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයකු පත් කිරීම හෙතුවෙනි. මේ සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරු සංගමය දැඩි විරෝධයක් පළ කළ අතර මතභේදාත්මක ලෙස පත් වූ වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා වෙනුවට ඊයේ (25) නව සාමාන්‍යාධිකාරීවරයකු ස්ථිර ලෙස පත් කෙරිණි. මෙම සිදුවීමෙන් අනතුරුව අද දින හදිසිටය් විදුලි බල ඹන්ඩල සභාපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලියි ජනාධිපතිවරයා වෙත යොමු කොට තිබුණි .
කෙසේ වුවද මේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබ ඇත්තේද නැද්ද යන්න පිළිබඳව තවමත් තහවුරු ව නැත.