කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ධූරයෙන් නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා ඉල්ලා අස් වී තිබේ.
එම ආයතනය තුළ තවදුරටත් හිතට එකඟව වැඩ කටයුතු කර ගැනීමට නොහැකි බැවින් තමන් මෙලෙස සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූ බව ඔහු පවසා ඇත.
ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පෙරේදා (24) දිනයේදී කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත යොමු කර තිබේ.







