බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි ඉංජිනේරුවරු අකුරට වැඩ කිරීමේ දෙවන අදියරට… අද 4.30 සිට නඩත්තු කටයුතු වලින් ඉවත් වේ…

by editor
දෙසැම්බර් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

  • අතිරේක සාමාන්‍යාධිකාරී සම්ප්‍රේෂණ ඉවත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති නඩුවල තීන්දු එනතුරු නිව් ෆෝට්‍රස් ගිවිසුම අත්සන් කරන්න බෑ කී නිසා…

  • ඉංජිනේරුවරු 600ක් සභාපතිගෙ කාර්යාලය අසල බලා සිටියත් සභාපති ආ ගිය අතක් නෑ… තීන්දුවක් ගත්තානම් කතා කරන්න කොන්දක් තිබිය යුතුයි… ඉංජිනේරුවරු කියති…

විදුලි  සම්ප්‍රේක්ෂණ අංශය භාර ජ්‍යෙෂ්ඨ අතිරේක සාමාන්‍යාධිකාරීවරයා අනිවාර්ය නිවාඩු යැවූ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ කාර්යාලය අසල ඉංජිනේරුවරුන් 600ක් පමණ අද සවස රැස් වී සිටියත් සභාපතිවරයා බියසුල්ලෙක් සේ පලා ගොස් ඇති බවත්, පවතින තත්වය තුළ තමන් වෘත්තීය අරගලයේ අකුරට වැඩකිරීමේ දෙවන අදියර වෙත යන බවත් විදුලිබල මණ්ඩලයේ  විදුලි ඉංජිනේරු වෘත්තීය සමිති ලේකම් ධම්මික විමලරත්න ලංකාසරට පැවසීය.

ඒ අනුව අද සවස 4.30 සිට විදුලි ඉංජිනේරුවරු සියලුම නඩත්තු කටයුතුවලින් ඉවත් වන බව ඔහු පැවසුවේය.

කිසිම තාර්කික හේතුවකින් තොරව අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනෙක් මෙසේ අනිවාර්ය නිවාඩු යවා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඊයේ නිකුත් කළ ලිපිය සම්බන්ධව දැනගත් වහාම අද උදෑසන කොළඹ අවට ඉංජිනේරුවරුන් 250ක පමණ පිරිසක්  ප්‍රධාන කාර්යාලයට රැස් වූ බවත්, ලියුම් ගැසීමට පමණක් හැකියාවක් ඇති සභාපතිවරයා නොමැති නිසා   සමාන්‍යාධිකාරීවරයා සහ උප සභාපතිවරයා හමුවී සිය දැඩි අප්‍රසාදය පල කළ බවත් ඔහු  ප්‍රකාශ කළේය.

ලේකම්වරයා වැඩිදුරටත් මෙසේ පැවසුවේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“ සභාපතිවරයා විසින් අනිවාර්ය නිවාඩු යැවූ සම්ප්‍රේක්ෂණ භාරව ඉන්න අතිරේක සමාන්‍යාධිකාරීවරයා ඉතාම වගකීමෙන් අවංකව රාජකාරි කරන නිලධාරියෙක්. ඔහු ජානක අලුත්ගේ.“

“ එතුමා අනිවාර්ය නිවඩු යැවීම   ආංචි වූ විගස කොළඹ අවට ඉන්න සියලුම විදුලි ඉංජිනේරුවරුන් ප්‍රධාන කාර්යාලයට ආවා.    සභාපතිවරයා ආ ගිය අතක් නෑ. අද ඔහු සේවයට ආවෙ නෑ.“

“ඉංජිනේරුවරු සමාන්‍යාධිකාරීවරයා සහ උප සභාපතිතුමා හමුවෙලා අප්‍රසාදය දැඩි අප්‍රසාදය පල කළා. සභාපතිවරයා හමුවෙන්න  ඉංජිනේරුවරු 600ක් ඉන්නවා එතුමාගෙ ඔෆීස් එකට ගිහින්.“

“මේ තත්වය එච්චර හොඳ නෑ. නිවු ෆොට්‍රස් වගේ සුප්‍රීම්කොට් චැලේන්ජ් කරපු ගනුදෙනුවකට ගිවිසුම් අත්සන් කරන්න තියෙන්නේ මේ නිවාඩු යවපු අතිරේක සාමාන්‍යාධිකාරීවරයා. ඔහු වැරදි දේට අත්සන් කරන්නෙ නෑ. ඔහුගෙ අවංක අදහස් මත පිහිටලා කටයුතු කරන කෙනෙක්. ඔහු කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයෙ නඩු පහක් තියනවා.  මේ අධිකරණ තීන්දු එනකම්   ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප ඔහු කළා. එය තමයි ඔහු අනිවාර්ය නිවාඩු යවන්න හේතුව.“

දැන් අපි අකුරට වැඩ කිරීමේ දෙවැනි අදියරට යනවා.   අද 4.30න් පස්සේ කිසිම නඩත්තුවකට ඉංජිනේරුවරු   සම්බන්ධ වෙන්නෙ නෑ.

මෙහෙම තීන්දුවක් ගත්තා නම් සභාපතිවරයා තම ස්ථාවරයට මුහුණ දිය යුතුයි. ඔහු    පැත්ත පලාතක නෑ. බයේ පැනලා ගිහින්.

මේ ඔහු කරන්නෙ කුමක්ද?. ඉංජිනේරුවරු අකුරට වැඩ කරමින් වෘත්තීය අරගලයක ඉන්න වෙලාවක්. මේ වෙලාවෙ ඔහු තීන්දුවක් ගත්තා නම් අපට අපේ අදහස ප්‍රකාශ කිරීමේ ඉඩකඩ සාකච්ඡා ඉඩකඩ ඔහු විසින් නිර්මාණය කළ යුතුයි.“

“අපට සැකයක් තියනවා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ස්ට්‍රයික් එකක් දක්වා පොළඹවලා මේ ක්‍රමය කඩාකප්පල් කරන්න ද මේ සභාපතිවරයා හදන්නෙ කියලා.“

කෙසේ වෙත්ත   නීත්‍යානුකූලව කළ හැකි සියලු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා.  ලේකම් ධම්මික විමලරත්න කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අතුරුදහන් වූ පොලිස් සැරයන්වරයාගේ සිරුර හමුවෙයි…

Next Post

ලෝකය ගෑස් ප්‍රමිතිය මනින්නෙ සංයුතියෙන් නොවෙයි… පීඩනයෙන්! – ප්‍රමිති අධ්‍යක්ෂ ජනරාල්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.